රාජ්‍ය දේපළ පිටරැටියන්ට විකුණන රනිල් හොඳ අගමැතිකමට නෙවෙයි

  👤  3725 readers have read this article !
By mawbima 2018-07-18

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකුණන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එල්ලා මැරීමේ කාර්ය සිදු කරන අළුගෝසු තනතුර සඳහා යෝජනා කිරීමට සුදුසු බව හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්න මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙරේදා (16දා) මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය.

මත්තල ගුවන් තොටුපොළ ආරම්භයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. ඉන් පසුව ෆ්ලයි ඩුබායි, එයාර් ඇරබියා, රොටානා ජෙට් යන සමාගම් මත්තල සමඟ ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. ඉතා සාර්ථකව මත්තල ගුවන් තොටුපොළෙහි කටයුතු සිදුකරගෙන යද්දී මේ ආණ්ඩුව ඒ සියලුම දේවල් විනාශ කළා. මේක පාඩු ලබන ගුවන් තොටුපොළක් නෙවෙයි. මත්තල ගුවන් තොටුපොළේ ගුවන් නියමුවන් හා ගුවන් ඉන්ජිනේරුවන් පුහුණු කිරීමේ ආයතනයක් පසුගිය ආණ්ඩුව සැලැසුම් කළා. දෙවැනි අදියර යටතේ ගුවන් යානා නඩත්තු කිරීමේ ඒකකයක් හදන්න සැලැසුම් කරලා තිබුණා. ජර්මනියේ ලුන්තන්සා ගුවන් සේවය සමඟ ගිවිසුම් අස්සන් කරන්න ඉන්නකොට තමයි පසුගිය ආණ්ඩුව පෙරළුණේ. මේවා නිසි පරිදි සිදුකිරීමට මෙම ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ඔවුන් සිදු කළේ මත්තල වී ගබඩා කරලා ගුවන් තොටුපොළ විනාශ කිරීමට කටයුතු කිරීම පමණයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ මත්තල ගුවන් තොටුපොළ යළි නඟාසිටුවීමට කටයුතු කරනවා.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත්

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට කිසිදු ගුවන් යානයක් ගොඩබැස්සීමට කටයුතු නොකළද මාසෙකට රුපියල් මිලියන 150ක ආදායමක් ලබනවා. එය සංවර්ධනය නොකර මෙසේ ඉන්දියාවට ලබාදීම ජාතික අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවට පැමිණ මත්තල සමඟ පණිවුඩ හුවමාරු කරගනිමින් ගුවන් යානා 150ක් පමණ දිනකට පියාසර කරනවා. එමඟින් මාසෙකට රුපියල් මිලියන 150ක ආදායමක් රටට හිමිවෙනවා.

රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද මේක ඉතා බරපතළ තත්ත්වයක්. ශ්‍රී ලංකාවට අයත් මත්තල පිහිටි ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් පාලක මැදිරියද ඉන්දියාවට ලබාදීම ජාතික ආරක්ෂාවට ඉතා බරපතළ ගැටලුවක්.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම

ණය ගෙවා ගැනීමට නොහැකිව මෙම මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමට යන බව ප්‍රකාශ කිරීම ශුද්ධ වූ බොරුවක්.

මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට වැය වූ මුදල රුපියල් බිලියන 30ක්. මේ යහපාලන ආණ්ඩුවට වරාය නගරය ප්‍රමාද කිරීම නිසා රුපියල් බිලියන 23ක් ගෙවීමට සිදුවුණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට ගුවන් යානා ඇනවුම භාර නොගැනීම නිසා රුපියල් බිලියන 21ක් ගෙවන්න සිදුවුණා. එතැනම රටට සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 44ක්.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon