ව්‍යාපාර අරඹන දක්ෂයන්ට ණය දෙන්න අපි ‘එන්ටර්ප්‍රයිස්-ශ්‍රී ලංකා’ ඇරැඹුවා

  👤  3630 readers have read this article !
By mawbima 2018-07-18

දක්ෂයන් විසින් ශක්තිමත් ව්‍යාපාරයකට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ අයට ණය ලබාදීම වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ඔහුගේ හෝ ඇගේ වත්කම් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත් ඇමෙරිකාවේ මෙන් අදාළ ව්‍යාපෘතියේ ශක්තිමත්භාවය මත ණය ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නිකවැරටිය බස්නැවතුම්පළේදී පැවැති ජනහමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

අද නිකවැරටියට ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් දෙකම ලැබුණා. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන්වලින් ලංකාවේ සියලුම ගම්මාන සංවර්ධනය වී ජනතාවගේ ආර්ථික තත්ත්වය මෙන්ම ගමේ ආර්ථිකය ශක්තිමක් වන බව කිව යුතුය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කළේ ප්‍රථම වරටයි. එහිදී අපි මීට පෙර ව්‍යාපාරවලට ණය ලබාදීම තුළින් ඔබ ගමට කරන සේවය පිළිබඳ අත්දැකීම් සැලකිල්ලට ගත්තා. මමත් මෙතැන සිටින සියලු දෙනාත් පාසල් අධ්‍යාපනයෙන් පසු රාජ්‍ය සේවයට එකතු වුණේ නැහැ. අපි සියලු දෙනා කිසියම් වෘත්තියකට, ව්‍යාපාරයකට හෝ කෘෂිකර්මයකට යොමු වුණා. අපි එසේ යොමු වුණේ අපට අධ්‍යාපනයක්, වත්කමක් සහ අත දෙන්නට අය සිටි නිසයි. නමුත් ලංකාවේ වත්කම් සහ අතදීමට කවුරුත් නැති දක්ෂයන් සහ සුළු ව්‍යාපාරිකයන් සිටිනවා. ඔවුන් බැංකුවෙන් මුදලක් ලබාගැනීමට පෙර වත්කම් ඉදිරිපත් කළ යුතුයි. එසේ වත්කම් නොමැති අයට බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීමට නොහැකිය.

ඒ වගේම ව්‍යාපාරික හැකියාව ඇඟේ තිබෙන අය සිටිනවා. ඒ අයට අවස්ථාව ලබාදීම සඳහා ඔවුන්ගේ යෝජනාව ශක්තිමත් නම් අපි ණය ලබාදීම මඟින් උදවු උපකාර කරනවා. එම ණය මුදල ආපසු ගෙවිය යුතුය. මෙය පිනට ලබාදෙන මුදලක් නොවේ. නමුත් විශේෂ උදවුවක් ලෙස පළමුවැනි අදියරේදී ඔබ පොලිය ගෙවිය යුතු නැහැ. අපි එම පොලිසිය ගෙවනවා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රට භාර ගන්නා විට අපේ රටේ විශාල ණය බරක් තිබුණා. එය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. පොලියවත් වාරිකයවත් ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබුණේ. 2015දී මම මේ පිළිබඳව සඳහන් කළේ නැහැ. කිව්වා නම් ජනතාව බියට පත්වෙනවා. දැන් අපි අමාරුවෙන් හරි ඒ ණය ගෙවනවා. ඒ අතරේ අපිට බදු වැඩි කිරීමට සිදුවුණා. එයට ජනතාව ‍ෙදාස් කිව්වා. නමුත් අපි එසේ කළේ රට බේරාගැනීමට අවශ්‍ය නිසයි. දැන් අපට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමටයි.

අපි ගම් මට්ටමින් කරන සංවර්ධන කටයුතු පිළිබඳවත්, ව්‍යාපාරිකයන් හට සහන සැලසීම පිළිබඳවත් මාධ්‍ය කතා නොකිරීම ගැන මම කනගාටු වෙනවා. ගමට ගිහින් ඇඬුවොත් හෝ ආණ්ඩුවට බැන්නොත් මාධ්‍යයේ පළ වෙනවා. අද බොහෝ මාධ්‍ය අඩුපාඩු ගැන පමණයි කතා කරන්නේ. සාර්ථක වූ ව්‍යාපාර ගැන මාධ්‍ය වාර්තා කරයි කියලා මා කිසිවිටෙක සිතන්නේ නෑ. මොකක් හෝ නිසා ඔවුන් ඊර්ෂ්‍යා කරනවා ඇති. ඔවුන් කැමැති පෙර පැවැති මාධ්‍යකරුවන් පැහැරගත් යුගයකටයි. වෙන විකල්පයක් නැතිව ඔවුන් ඒ ගැනම කතා කරනවා. මේ ගැන වෙනත් වෙලාවක කතා කරමු.


උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon