මරණ දඬුවම පිළිබඳ යෝජනා ගැන අදහස් දක්වද්දී සිත් රිදවීමක් වූයේ නම් සමාව ඉල්ලනවා

  👤  3924 readers have read this article !
By mawbima 2018-07-18

දෙනගම ධම්මික රණවීර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් රොටරි සහ සිංහ සමාජ පිළිබඳ තමා දැක්වූ අදහස් නිසා සිත් රිදවීමක් ඇති වූයේ නම් ඔවුන් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

පසුගිය සතියේදී පැවැති මාධ්‍ය හමුවකදී තමා මරණ දඬුවමට විරුද්ධ බවත් සමාජයේ සුබසාධනවාදීන් ලෙස පෙනී සිටින අතරතුර විවිධ සමාජ සහ ආගමික සංවිධානවලට අයත් පුණ්‍ය ආයතනවල උසස් තනතුරු දරමින්, තමන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල පව් වසා ගන්නා පුද්ගලයන් සමාජයේ සිටින බවත් ප්‍රකාශ කළ බව පවසන ඇමැතිවරයා එහිදී රොටරි සහ සිංහ සමාජවල නම් සඳහන් කිරීම වැරැදීමකින් සිදුවූවක් බවද අවධාරණය කරයි.

මංගල සමරවීර මහතා එසේ අවධාරණය කළේ පසුගියදා (6දා) ඔහු විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon