දුම්රිය අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්වනවාට වෘත්තීය සමිති විරෝධය

  👤  694 readers have read this article !
By mawbima 2018-07-17

උපතිස්ස පෙරේරා

දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතේ පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු යැයි ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති දැඩි විරෝධය පළකරති.

පසුගිය 11 වැනිදා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා සමඟ දුම්රිය වෘත්තීය සමිති පැවැති සාකච්ඡාවේදී දැනට වැටුප් වැඩි කිරීමට යෝජනා වී ඇති දුම්රිය ස්ථානාධිපති, රියැදුරු, නියාමක, අධීක්ෂණ කළමනාකරු හා දුම්රිය පාලක සංගම්ද සිය විරෝධය පළකර තිබේ.

සරත් අමුණුගම අනුකමිටුවත්, වැටුප් කොමිෂන් සභාවත් තමන්ට අයත් කාර්යයන්ගෙන් බැහැරව මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ නම් එය පරාජය කිරීමට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව වෘත්තීය සමිති ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට අනතුරු අඟවා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon