අකිලගෙන් මවුපියන්ට ආයාචනයක්

  👤  2884 readers have read this article !
By mawbima 2018-07-17

දරුවන් වනසන මත්ද්‍රව්‍ය ව්‍යාපාර මැඬලීමට එක්වන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, මවුපියන් ඇතුළු සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මත්ද්‍රව්‍ය ව්‍යාපාර මර්දනය සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත්, ඒ සඳහා ජනතා සහයෝගය අවශම බැවින් මේ ඉල්ලීම කරන බවත්, ඇමැතිවරයා කීවේය.


මත්ද්‍රව්‍ය උවදුරෙන් පාසල් දරුවන් බේරාගැනීම ජනපති, අගමැති ඇතුළු රජය ප්‍රමුඛ වගකීමක් ලෙස සලකන බවත්, ඒ වෙනුවෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීය.


මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී මවුපියන් මෙන්ම ගුරුවරුන්ගේ සහයෝගයද අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
පාසල් දරු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථානවල සහයෝගයද ලබාගැනීම මේ වැඩසටහන සාර්ථක වීමට ඉවහල් වන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon