මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න

  👤  2980 readers have read this article !
By mawbima 2018-07-17

රුචිර දිලාන් මධුසංඛ


මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තවදුරටත් අත්හිටුවන ලෙසත් ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනයට විරුද්ධවීමේ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙනයන ලෙසත් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ ගැන සිය විරෝධය දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යවා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.


යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයත්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ නේවාසික සාමාජික රාජ්‍යයන් මෙන්ම කැනඩා සහ නෝර්වේ යන රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතවරුන්ද වසර 40කට අධික කාලයක පටන් අත්හිටුවා තිබූ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුවී තිබීමේ ඛේදනීය ආරංචිය ගැන ජනාධිපතිවරයාගෙන් යුරෝපා සංගමය විමසා තිබේ.


තමන් සෑම අවස්ථාවකදීම මරණීය දණ්ඩනයට දැඩි සහ පැහැදිලි ලෙසම විරුද්ධ බව ඔවුන් සිය ලිපිය මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කර ඇත. මරණීය දණ්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගැළපෙන බවත් එමඟින් කිසිවක් වළකාලීමට හැකි බවට සනාථ කරන ලද කිසිදු තොරතුරක් නොමැති බවත් පෙන්වා දෙන යුරෝපා සංගමය තවදුරටත් පෙන්වා දෙන්නේ මෙමඟින් විනිශ්චය ක්‍රියාවලියේදී ඇතිවිය හැකි වරදක් මරණයකින් කෙළවර වීමේ සහ එවැනි වරදක් යළි නිවැරැදි කරගැනීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon