යූරියා මෙටි්‍රක් ටොන් 5,000කින් කෝටි 22ක ගැහිල්ලක්

  👤  2910 readers have read this article !
By mawbima 2018-07-17

ප්‍රමිතියෙන් බාල යූරියා පොහොර මෙරටට ආනයනය කරමින් රජයේ මුදල් කෝටි ගණනින් කොමිස් ලෙස ලබා ගැනීමේ ජාවාරමක තොරතුරු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අනාවරණය කරගනු ලැබ තිබේ.


අමාත්‍යවරයාට ලැබී ඇති තොරතුරුවලට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු මේ වංචාවට සම්බන්ධය. තත්ත්වයෙන් බාල යූරියා මෙටි්‍රක් ටොන් 5000ක් ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 228ක කොමිස් මුදලක් මේ නිලධාරීන් දෙදෙනා ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ.


"ලක් පොහොර" සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම් හරහා ගොවීන්ට බෙදාහැරීම සඳහා යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 2,85,000ක් ආනයන කිරීමට යන බවත් තත්ත්වයෙන් බාල යූරියා වැඩි මිල ගෙවා ආනයන කිරීමේ ජාවාරමෙන් ඔවුන් රුපියල් මිලියන 15,960ක් කොමිස් වශයෙන් උපයා ගැනීමට සැලසුම් කර තිබූ බවත් වාර්තා වේ.
මෙම පොහොර වංචාව ගැන "මව්බිම" කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට ඔහු කීවේ මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් තොරතුරක් තමාට ඊයේ (16දා) ලැබුණු බවත් ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කිරීමට අදාළ අංශවලට දැනුම් දුන් බවත්ය.


මේ විමර්ශනයෙන් පසු සිදුවී ඇත්තේ කුමක්දැයි කියා අද හෝ හෙට මාධ්‍යට තොරතුරු ලබාදෙන්නට හැකි වෙතැයිද අමාත්‍යවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon