පාසල් ළමයින්ට හා රණවිරුවන්ට ක්‍රිකට් තරග නරඹන්න වෙනදා නැති පහසුකම්

  👤  2998 readers have read this article !
By mawbima 2018-07-17

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීම සඳහා පාසල් සිසු සිසුවියන්ට හා ආබාධිත රණවිරුන්ට විශේෂ පහසුකම් සලසා තිබිණි. නමුත් මින් පෙරද ගාල්ලේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගාස්තුවකින් තොරව නැරැඹීම සඳහා පාසල් ළමයින්ට අවස්ථාව සලසා දී තිබුණද මෙවර විශේෂත්වය වූයේ් ළමයින්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තු අයකර නොගැනීමක් පමණක් නොව පැමිණෙන සියලුම පාසල් ළමයින් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ ආහාරපානද නොමිලේම සැපැයීමයි.


මෙම විශේෂ වැඩසටහන යටතේ එක් පාසලකින් සිසු සිසුවියන් 50ක උපරිමයකට යටත්ව ටෙස්ට් තරගය පැවැත්වෙන සියලුම දිනයන්හිදී ක්‍රීඩාංගණයට ගෙන්වීමට සැලැසුම් කර තිබූ අතර මේ සඳහා ගාල්ල නගරයේ පාසල්වලට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ අෑත පිටිසර දුෂ්කර පාසල්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟූණුකොළපැලැස්ස වැනි දුෂ්කර මට්ටමේ පාසල්වලටද අවස්ථාව සලසා දී තිබීමද විශේෂත්වයකි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙසේ සියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව දීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුවන්ට අවස්ථාව සලසා දෙන අතර රණවිරුවන් සඳහා ප්‍රභූ පන්තියේ ආසන වෙන්කිරීමටද තීරණය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon