වන ඝනත්වය ඉහළ නංවන්න ලංකා රජය කැපවී සිටිනවා

  👤  2913 readers have read this article !
By mawbima 2018-07-17

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්‍රමුඛ පියවරක් වශයෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ජනපති පවසයි


තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්‍රමුඛ පියවරක් වශයෙන් දැනට පවත්නා වන ආවරණය ආරක්‍ෂා කර ගැනීම සඳහාත් එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවර අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති පවසයි.


ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ හයවැනි ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ හා ලෝක වන සංරක්‍ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයේ විශේෂ දේශනය සිදුකරමිනි.


සමුළුව රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී ඊයේ (16දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
මෙම සමුළුව තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරයි.


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් බ්ධඵඥ ට්පචලඪචදධ ඤච ඉඪතමච මෙම සමුළුව අමතමින් කියා සිටියේ සාමාජික රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම ස¼දහා සහාය දැක්වීම තම සංවිධානයේ අරමුණ බවයි.


ලෝක වන සංරක්‍ෂණ කමිටුව සඳහා තිර න්‍යාය පත්‍රයක් 2016 වසරේදී හඳුන්වා දෙනු ලැබූ අතර එම වැඩසටහන්වල ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්‍ෂණය කරමින් එම අරමුණු ජය ගැනීම සඳහා සාමාජික රටවලට ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් දැඩි කැපකිරීමකින් සහ ඕනෑකමකින් කටයුතු කරන නායකයකු ලෙස මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්විය.


ජනපති ලෝක වන සංරක්‍ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරය අමතමින් මෙසේ ද පැවැසීය.
ලෝක වන සංරක්‍ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයේ ආරම්භක සැසිය ආමන්ත්‍රණය කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (ජ්ඒර්ණී) අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට මගේ ස්තූතිය පිරිනමමි. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට මෙන්ම පෞද්ගලිකව මා හටද ඉතාමත් ගෞරවයකි.


කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස හා පසුව පරිසර අමාත්‍යවරයා ලෙසද මම ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූවා.
මෙවර රාජ්‍ය නායකයා ලෙස මෙම ගාම්භීර සම්මේලනය ආමන්ත්‍රණය කිරීමට මට අවස්ථාවක් ලැබුණා.


මාගේ රටට හා එහි වැසියන්ට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබා දුන් සහයෝගය පිළිබඳව කෘතඥ වන අතරම විශේෂයෙන් ගංවතුර, නියඟ සහ දරිද්‍රතාවයෙන් පෙළෙන ගොවි ජනතාවට විවිධ පාරිසරික බලපෑම් එල්ල වූ අවස්ථාවන්හි ඉතා කඩිනමින් සහන සැලසීමට ඉදිරිපත් වීම පිළිබඳව මාගේ ස්තූතිය මේ මොහොතේ පිරිනමනවා.


මෙම සැසිවාරයේ මාතෘකාව පිළිබඳ නැවත අවධානය යොමු කරන්නේ නම් මගේ රටේ බහුතරයක් ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.
ශත වර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් වනාන්තරවලින් ආවරණය වී තිබුණා. වර්තමානයේ දිවයිනේ සම්පූර්ණ වන ආවරණය වන්නේ අනෙක් ආකාරයේ වෘක්‍ෂලතාදිය හැර 29.7%ක් පමණයි.


තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්‍රමුඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්‍ෂා කර ගැනීම සඳහාත් එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවරක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.


අපනයන කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු හා ජනාවාස ඉදිකිරීම ආදී ක්‍රියාවන්ට ඉඩම් භාවිතය හේතුවෙන් මගේ රටේ වන ආවරණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් අහිමි වුණා.


වනාන්තර විනාශය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි පාරිසරික උවදුරු ඇති වීමට හේතු වී තිබෙනවා. එම විනාශයන් වර්ෂාපතන රටාව වෙනස් කිරීමට, පාංශු ඛාදනයට සහ කෘෂිකාර්මික නිෂ්පාදනයන් විනාශ කිරීමටද බලපා තිබෙනවා.


වනාන්තර විසින් විශාල සමාජ ආර්ථික ප්‍රයෝජන රැසක් එනම් ආහාර බලශක්ති වාසස්ථාන ඇතුළු මූලික මානුෂීය අවශ්‍යතාවන් ලබා දෙනවා. මෙම අවශ්‍යතාවන් සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලන වනාන්තර තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත්.


වනාන්තර ප්‍රතිරෝපණය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක්. අනෙකුත් සියලුම රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සහ සමුපකාර සංගම් ඒකාබද්ධව 2020 වන විට පැළ මිලියන 5ක් වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ආරම්භ කළා.


දැනට ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්‍ෂයක් පමණ සිටිනවා. ඒ සෑම පාසල් සිසුවකුම එක් පැළයක් බැඟින් වගා කිරීමට දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආණ්ඩුව හැකි සෑම ප්‍රදේශයකම දියත් කර තිබේ.


පාසලේ, ගෙවත්තේ හෝ හැකි ඕනෑම ස්ථානයක එම වගාව සිදු කළ හැකි අතර ඒ වෙනුවෙන් සිසුන්ට යම් මූල්‍ය ආධාරයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන අතර සෑම සිසුවකුගේම නමින් එම මුදල බැර කිරීමටත් කටයුතු කර ඇත. මෙසේ සිසුන් වගාව සඳහා දිරිමත් කිරීමෙන් ඔවුන්ගේ පවුලට අතිරේක ආදායමක් ලැබෙනවා සේම පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳව ද ඔවුන්ට අවබෝධයක් ලැබෙනවා.


පරිසරය හා ජල පද්ධති ආරක්‍ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහළට හෙළීම ආණ්ඩුව විසින් තහනම් කර තිබෙනවා. මහ පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පෙර පාරිසරික බලපෑම් ඇගයුම් සිදු කිරීම අනිවාර්යය වෙනවා.


මා දන්නා පරිදි ලෝක වනාරක්‍ෂක කමිටුව ගෝලීය වශයෙන් වැඩිදියුණු වන වනාන්තර ක්‍ෂේත්‍ර පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සාකච්ඡා කිරීම සහ විවාද කිරීමට මෙන්ම තීරණ ගැනීම සඳහා වූ සුදුසුම ස්ථානයයි. ඔබ ඉදිරියේ ඇති න්‍යාය පත්‍රය ඉතා සංකීර්ණ සේම අභියෝගාත්මක එකක් වනු නියතයි.


මගේ කතාව අවසන් කිරීමට ප්‍රථම මේ සම්බන්ධව සිදුකළ ආරාධනයටත් දැක්වූ ඉහළ ආගන්තුක සත්කාර පිළිබඳවත් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට නැවත වාරයක් මගේ ස්තුතිය පිරිනමනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon