රාජ්‍ය සේවක පඩිය වැඩි කළත් රාජ්‍ය අංශයට ප්‍රතිලාභයක් ලැබුණේ නෑ

  👤  3144 readers have read this article !
By mawbima 2018-07-17

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසකින් පඩි වැඩි කළද රාජ්‍ය අංශය තුළින් කිසිදු ප්‍රතිලාභයක් රජයට නොලැබුණු බව කම්කරු සහ වෘත්තීය සමිති අමාත්‍ය රවින්ද්‍ර සමරවීර පවසයි.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16දා) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සේවා නියුක්තිකයන් භාර අරමුදල් මණ්ඩලය ඵලදායිතා මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමිනි.


එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.


සේවා නියුක්තික භාර අරමුදල 1980 ලලිත් ඇතුලත්මුදලි මහතා තමයි ඇති කළේ මෙරට සංවර්ධනයට දායක වන කම්කරුවන්ට ආරක්ෂාව සැපයීමට. එදා අපේ රට තිබ්බේ ඉතා ඉහළ තැනක. සිංගප්පූරුව කිව්වා අපේ රට වගේ එයාලාගේ රටත් හදන්න ඕන කියලා. නමුත් අද අපි සිංගප්පූරුවක් වෙන්න හදනවා. ඒකට හේතුව අපේ රාජ්‍ය අංශයේ ඵලදායිතා හැකියාව. අපි බලයට පත්වෙනකොට රුපියල් දස දහසකින් රජයේ සේවක වැටුප් වැඩි කළා. නමුත් රජයට කිසිදු ප්‍රතිලාභයක් වැඩි වුණේ නැහැ. නමුත් පෞද්ගලික අංශයට එහෙම නැහැ. පෞද්ගලික අංශය රුපියලක් වියදම් කරන්නේ ප්‍රතිලාභයක් ඇතිව. ආණ්ඩුවට වැරැදුණේ එතැන.


ඒ වගේම මේ ආණ්ඩුව අසීමිත නිදහසක් දුන්නා. අද මාධ්‍යට බලපෑම් නැහැ. තර්ජන නැහැ. නිදහසේ හැසිරෙනවා. මේවා අමතකයි දැන් මිනිස්සුන්ට. ඒකයි රට පුරා වැඩ වර්ජන, විරෝධතා. මේ විරෝධතා නිසා පාර්ලිමේන්තු යන්න වෙලා තියෙන්නෙත් එක එක පාරවල්වලින්.


බලන්න සයිටම් ප්‍රශ්නය ගැන. විසඳුම් දීලත් තවත් කෑ ගහනවා. සයිටම් ක්‍රමවේදයේ අවුලක් තියෙනවා තමයි. නමුත් මේ කරන විකාර වැඩ ගැළපෙන්නෙ නැහැ. මොකද මේ විරෝධතාකරුවෝ, හොඳ උගත්, බුද්ධිමත් අය. මට දුක ඒකයි. මේවා නවත්වන්න රටේ කම්කරු ජනතාව ඉදිරියට යා යුතුයි. මොකද ඔය ඉගෙන ගන්න හැමෝම ඉගෙන ගන්නේ රටේ බදු සල්ලිවලින්. ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන් වැය වෙන්නේ වැඩ කරන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කියලා දැන ගත්තහම තමයි මේ උත්ඝෝෂණ කවදා හරි නවතින්නේ. වෙනත් රටවල ළමයින්ට පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත යුත්තේ පෞද්ගලික මුදල්වලින්. ඉතින් ඔවුන් කාලය පාරට නාස්ති කරගන්නේ නැහැ.


අපේ අර්ථසාධක අරමුදල තමයි ලෝකේ තියෙන ලොකුම අරමුදල. ඒක ටි්‍රලියන ගාණක්. නමුත් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. නමුත් මිනිස්සු තව තවත් පඩි ඉල්ලනවා. කිසිම රාජ්‍ය අංශයකින් සාර්ථක සේවයක් ලැබෙන්නේ නැහැ. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයාගේ පිළිරුවට වැ¼දලා වැඩක් නැහැ නිදහස් අධ්‍යාපනයෙන් රටට දෙයක් නොකර.


රටේ ජනතාව අදත් බලාපෙරොත්තු වෙනවා විශ්‍රාම වැටුප. හැබැයි ඵලදායිතාවක් නැතිව. නමුුත් ඉදිරියේදී මේ විශ්‍රාම වැටුප නවත්වන්න වෙනවා. ඒක මිනිස්සු තේරුම් ගන්න එකක් නැහැ. නමුත් ලෝකයේ මේ ප්‍රශ්නය තියෙනවා.


ඒකට හේතුව වයස්ගත මිනිස්සු ප්‍රමාණය වැඩි වීම. මේ ගැන කතා කිරීම භයානකයි. රාජ්‍ය සේවකයා බනිනවා. නමුත් ඇත්ත මේක තමයි. මේකට ක්‍රමවේදයක් හැදිය යුතුයි. අපේ රටේ එහෙම බෑ. පරණ ක්‍රමවේදය තමයි යන්නේ.


අපේ රටේ දුම්රිය යද්දී ජපානය දුම්රිය දැකලත් නැහැ. නමුත් අද ඒ රටවල්වල රියැදුරන් නොමැතිව ගමන් කරන දුම්රිය තියෙනවා.
අපි කවදාවත් ඵලදායිකත්වයට කැමැති නැහැ. හිටියා වගේම ඉන්නයි හදන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ. ආණ්ඩුවක් විදියට දිය යුතු හැම දෙයක්ම අපි දුන්නා. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ අයිතියත් දුන්නා. ඒ නිසා අද අපටත් වැඩ කරන්න අමාරු වෙලා. නමුත් මේ ඵලදායිතා වැඩසටහන අපි කම්කරු අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපේ සේවකයනුත් උනන්දුවෙන් ඉන්නවා.


නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon