ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනයට නව පොල්තෙල් නිෂ්පාදනගාරයක් ඉදිකිරීමට තීරණය කරයි

  👤  2976 readers have read this article !
By mawbima 2018-07-17

ආරියරත්න ගනේගොඩ


ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනයට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා පොල්තෙල් නිෂ්පාදනාගාරයක් අලුතින් ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව තීරණය කරයි.
නව නිෂ්පාදනාගාරය ඉදිකිරීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් ආයුර්වේදයට වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව ආයුර්වේද ඔෟෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා පවසයි.


ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙහි 'පුනරුදය' දින 60 මෙහෙයුම යටතේ මෙම නිෂ්පාදනාගාරය පිහිටුවීම සිදු කෙරේ.


2018 වසර අවසන් වීමට පෙර නව නිෂ්පාදනාගාරය සකස් කර අවසන් කිරීමට සංස්ථාව අපේක්‍ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
පොල්තෙල් නිෂ්පාදනාගාරයක් අභිනවයෙන් ආරම්භ කිරීමට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවත් ඒ සඳහා වූ ක්‍රියාකාරි සැලසුම් දැනටමත් සකස් කර අවසන් බවත් සමරසිංහ මහතා පැවැසීය.


නව පොල් තෙල් නිෂ්පාදනාගාරය සඳහා වූ ගොඩනැඟිල්ල රජයේ ඉන්ජිනේරු සංස්ථාවේ මැදිහත් වීමෙන් පතිරගොඩ නිෂ්පාදනාගාරයේ පැරැණි ගොඩනැඟිල්ල නවීකරණය කර සකස් කිරීමට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව පියවර ගෙන ඇත.


පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්‍ෂණය පිළිගත් ආයතන මඟින් ලබා ගන්නා අතර තත්ත්ව පාලනය සඳහා අවශ්‍ය උපදේශනය කාර්මික තාක්‍ෂණ ආයතනයෙන් ලබා ගනිමින් සිටී.


නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පොල්තෙල් අවශ්‍යතාව සපුරා ගන්නා අතර විවෘත වෙළෙඳපොළ වෙත ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක පිරිසුදු පොල්තෙල් නිෂ්පාදන පහසු මිලට ලබාදීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon