රට මුහුණ පා ඇති අභියෝග ජයගන්න ජවිපෙන් ප්‍රතිසම්පාදන කමිටු 8ක්

  👤  2947 readers have read this article !
By mawbima 2018-07-17

අනුරාධා හේරත්


රට මුහුණ දී තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට එක් එක් ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ඇතුළත් ප්‍රතිසම්පාදන කමිටු 8ක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් කරන ලදී.


ඒ අනුව අධ්‍යාපන, කෘෂිකර්ම (ධීවර, පශු සම්පත්) පරිසරය, ක්‍රීඩාව, ජාතික ප්‍රවාහනය හා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම යන ක්‍ෂේත්‍ර 8 නියෝජනය වන පරිදි ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් එම ප්‍රතිපත්ති සම්පාදන කමිටු ජවිපෙ විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.


අදාළ කමිටු රටපුරා සිටින ඒ ඒ ක්‍ෂේත්‍රවල පුද්ගලයන් මුණගැසී ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.


එහි කමිටු සියල්ලටම ජවිපෙ මන්ත්‍රිවරයෙක් නියෝජනය වීමද විශේෂත්වයකි.
පසුගියදා (14දා) මහරගම ජාතික තරුණ සේවා සභාවේදී මෙම කමිටු රටට ඉදිරිපත් කිරීම සිදු වූ අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon