අනාරක්‍ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලින් දෙදෙනා සහ පැටවා ගොඩගැනේ

  👤  2949 readers have read this article !
By mawbima 2018-07-17

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම


පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පලාගල ප්‍රදේශයේ අනාරක්‍ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලින් දෙදෙනකු හා කුඩා පැටවකු ගොඩ ගැනීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පසුගියදා (14දා) කටයුතු කර තිබේ.


මේ දිනවල පවතින ජල හිඟතාවත් සමඟ මෙම සතුන් ජලය සොයා යෑමට පුරුදුව සිටින නිසා මෙවැනි අකරතැබ්වලට මුහුණ දෙන බව වනජීවී නිලධාරීහු කියා සිටියහ. අලි දෙදෙනා වැටී සිටි ළිඳ අඩි විස්සක් පමණ ගැඹුරු බවත් එහි අඩියක් පමණ ජලය පිරී තිබූ බවද නිලධාරීහු පැවැසූහ. ළිඳට වැටී සිටි පැටවා මාස 6ක් පමණ වයසේ පසුවන බව නිලධාරීන් කීය.


කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ අඩවි ආරක්‍ෂක ඩී. රාමසිංහ මහතා සහ මාර්ගෝපදේශක ආනන්ද බණ්ඩාර යන නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම වල් අලි දෙදෙනා ගොඩ ගැනීම සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon