ඥානසාර හිමියන්ට එක නීතියක් විජයකලාට තව නීතියක් තියෙන්න බෑ

  👤  3034 readers have read this article !
By mawbima 2018-07-17

ඥානසාර හිමියන්ට සහ දකුණට එක නීතියක් ක්‍රියාත්මක කරන පොලිසිය, විජයකලා මහේෂ්වරන්ට සහ උතුරට තවත් නීතියක් ක්‍රියාත්මක කරන බව නව සිහළ උරුමයේ මහලේකම් සරත් මනමේන්ද්‍ර පැවැසීය.


අද වන විට මේ රට කරගෙන යන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පැවැසූ ඔහු, තවදුරටත් කීවේ යූඑන්පී අලියා, ටීඑන්ඒ කොටියා, බදුර්දීන් නම් ඔටුවා සහ ජේවීපී නරියා එකතු වී මේ රට අගාධයටම ඇද දමා තිබෙන බවයි.


එක්සත් ජනතා නිදහස් සන්ධාන, ප්‍රගතිශීලී පක්ෂ එකමුතුව 15 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ


සරත් මනමේන්ද්‍ර,
අපි සන්ධානයට සහාය දෙන පක්ෂ. පසුගිය කාලේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අබමල් රේණුවක තරම්වත් දෙයක් ඒ නායකයෝ කළේ නැහැ. මේ ප්‍රශ්න ගැන පසුගිය දවසක අපි ජනාධිපති මුණ ගැහිලා සාකච්ඡා කළා. එතැනදී ජනාධිපතිවරයා අපිට කිව්වා අපේ පක්ෂවල යෝජනා, අදහස් එතුමාට ලබා දෙන්න කියලා. මේ සන්ධානය පුළුල් කරලා ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හදන්න අපි කටයුතු කරනවා.


ඉදිරියේදී සන්ධානයේ අපේක්ෂකයාව ජයග්‍රහණය කරවන්න අපි ලෑස්තියි.


බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශයක් කළා රෙදි ඇඳගෙන මේ ආණ්ඩුවේ ඉන්න ලැජ්ජයි කියලා. ඇත්තටම අපිටත් සන්ධානයේ පක්ෂ විදියට ඉඳගෙන මේ ආණ්ඩුවට සහාය දැක්වීම විළි ලැජ්ජාවක්.


ජනාධිපතිවරයා කියනවා මාධ්‍යයෙන් පෙන්වන තරම් මේ රට අස්ථාවර නැහැ කියලා. නමුත් ඒක ඇත්ත නෙවෙයි. අපරාධ තව තවත් වැඩිවෙලා.
අද රනිල් වික්‍රමසිංහ කුඩු කාරයෙක් වගේ. චීනයට හැමදේම විකුණනවා. රටට කොටියා ගහපු අවුරුදු තිහත් හරි අලියා ගහපු අවුරුදු තුනත් හරි.


මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රගතිශීලී පක්ෂ එකමුතුව් කැඳවුම්කරු ඉන්දික පෙරේරා.


තෙල් මිල ඉහළ යෑම සහ මිල සූත්‍රය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගිය දවසක පවත්වපු මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මිල සූත්‍රය හැදුණේ කොහොමද? මිල සූත්‍රය මොකක්ද කියලා අහපු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.


ඒක දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. මොකද මේ රටේ ජනතාව බදු ගෙවන්නේ මංගල සමරවීරටත් එක්ක. මේ වගේ කපටි බඩගෝස්තරවාදී දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත් කරන්න ජනතාව කටයුතු කළ යුතුයි.


මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ මහ ලේකම් විෂ්ණු කාන්තන්,


උතුරේ තත්ත්වය ඉතාම නරකයි. මිනිස්සුන්ට යන්න බැහැ පාරේ. අපරාධ වැඩි වෙලා. ජනතාවගේ මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැතිව උතුරේ මහ ඇමැතිකමට පොර කනවා.


මෙහිදී අදහස් දැක්වූ ජනතා සේවක පක්ෂයේ සභාපති විජේසේකර රත්නායක,


ජනාධිපතිතුමාත් තීන්දුවක් අරගෙන තියෙනවා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්න. අපි ජනාධිපතිවරයාගේ තීරණයට අකැමැති නැහැ.
උදයන්ති මුණසිංහ
ඡායා - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon