උතුරු පළාත් සභාවේ මහ ඇමැති සහ ඇමැතිවරු සභා සැසිවාරය මඟහරිති

  👤  2960 readers have read this article !
By mawbima 2018-07-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


උතුරු පළාත් සභාවේ විපක්‍ෂ කණ්ඩායමේ ප්‍රබල ඉල්ලීමකට මුහුණදීමට නොහැකිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ එහි අමාත්‍යවරු හතර දෙනා ඊයේ (16දා) පැවැති පළාත් සභා සැසිවාරයට සහභාගි වී නොමැත.


උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය පී. ඩැනීස්වරන් මහතාට යළි අමාත්‍ය ධුරය ලබාදෙන මෙන් විපක්‍ෂය කළ ප්‍රබල ඉල්ලීම ඉටු කිරීම මඟහැරීමට මේ පිරිස පළාත් සභා සැසිවාරයට සහභාගිවී නොමැති බව විපක්‍ෂයේ මන්ත්‍රිවරු කියා සිටිති.


උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය පී. ඩැනීස්වරන් මහතාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලිපියක් මඟින් අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමෙන් පසුව අභියාචනාධිකරණයද එම ලිපිය ජූලි මස 9 වැනිදා බල රහිත කොට නියෝගයක් නිකුත් කිරීමත් සමඟම විපක්‍ෂයේ පිරිස ඩැනීස්වරන් මහතාට යළි අමාත්‍ය ධුරය ලබාදෙන මෙන් පසුගිය සභාවාරයේදී ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි.


මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම ජුලි මස 16 වැනිදා පැවැත්වෙන සභා වාරය දක්වා ප්‍රධාන අමාත්‍යවරයා කල් දමා ඇතත් ඔහු හෝ වෙනත් කිසිදු අමාත්‍යවරයකු මෙවර සභාවාරය සඳහා පැමිණ නැත. මේ නිසා විපක්‍ෂයේ මන්ත්‍රිවරු කීපදෙනෙකුද සභා ශාලාවෙන් පිටව ගොස් ඇත.


ප්‍රධාන අමාත්‍යවරයා හා සෙසු අමාත්‍යවරුන් නොපැමිණියද සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය නියමිත වේලාවට ආරම්භ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon