තිරසර සංවර්ධන ඉහළ මට්ටමේ දේශපාලන සංසදයේ රැස්වීමට ශ්‍රී ලංකාවෙන් පා.ම. තිලංග සුමතිපාල

  👤  2994 readers have read this article !
By mawbima 2018-07-17

තිරසර සංවර්ධනයේ "ඉහළ මට්ටමේ දේශපාලන සංසදයේ" රැස්වීම නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වේ.
මෙම රැස්වීම මේ මස 18 වැනිදා දක්වා පැවැත්වේ.


සංසදය සඳහා ලෝකයේ රටවල් රැසක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 100ක් පමණ සහභාගි වීමට නියමිතය.
"තිරසර හා ප්‍රබල සමාජයක් කරා පරිවර්තනය කිරීම" මෙම සංසදයේ මූලික තේමාව වෙයි.


මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ශ්‍රී ලංකාව, ඉක්වදෝරය, ඔස්ටි්‍රයාව යන රටවල් තුන සඳහා ආරාධනා කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින්, තිරසර සංවර්ධන අරමුණ සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා ඉක්වදෝර ජාතික සභාව නියෝජනය කරමින් එහි සභාපති එළිසබත් කැබෙසාස් මහත්මිය, ඔස්ටි්‍රයා ජාතික සභාව නියෝජනය කරමින් සංවර්ධන කමිටුවේ සභාපති, පෙට්ට්‍රා බායිර් මහත්මිය සහභාගිවීමට නියමිතය.

තිරසර සංවර්ධනය සඳහා ගෝලීය සහයෝගීතාව ක්‍රියාවට නැංවීම සහ පුනර්ජීවනය කිරීම සෑම වසරකම සලකා බැලීම, සියලුදෙනා සඳහා ජලය සහ සනීපාරක්ෂාව ලබා ගැනීම සහ තිරසර කළමනාකරණය සහතික කිරීම, සියලුදෙනාටම දැරිය හැකි විශ්වසනීය, තිරසාර හා නවීන බලශක්ති සඳහා ප්‍රවේශය ලබා ගැනීම, නගර සහ ජනාවාස සුරක්ෂිතභාවය සහ තිරසර වියයුතු බව, තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදන රටාවන් තහවුරු කිරීම, භූමි පරිසර පද්ධතීන් තිරසාර ලෙස භාවිත කිරීම, වනාන්තර කළමනාකරණය කිරීම, කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම හා භූමි හානිය නැවැත්වීම සහ නැවත යථාතත්ත්වයට පත්කිරීම මෙම සමුළුවේදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට සහ අවධානය යොමු කෙරෙන කරුණු වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon