විදුහල්පති - උප විදුහල්පති පහර දීමෙන් සිසුවා රෝහල් ගත කරයි

  👤  3102 readers have read this article !
By mawbima 2018-07-17

දැරණියගල - සෝමචන්ද්‍ර යකන්දාවල


දැරණියගල ශ්‍රී කදිරේෂන් විදුහලේ පාසල් සිසුවකුට විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා විසින් පහර දීමකින් අනතුරුව එම දරුවා රෝහල් ගත කර ඇත.


කදිරේෂන් විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන ආර්. ජෝසොප් නමැති සිසුවා මෙම පහර කෑමට ලක්ව ඇත. මෙම සිසුවා පවසන අන්දමට කොණ්ඩය කොටට කැපීම සහ රැවුල නොකැපීම හේතුවෙන් කාමරයකට දමා තම ඔළුවට හා පිටට පහරදී කොණ්ඩෙන් අල්ලා පිටටද පහර දුන් බව පවසයි.


මේ සම්බන්ධයෙන් දැරණියගල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය සිසුවාගෙන් ප්‍රකාශයක් ලබාගෙන පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිසිය කියයි. මේ වන විට සිසුවා දැරණියගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon