තායිලන්ත තාක්ෂණික උපදෙස් මඟින් සමෘද්ධිලාභීන්ට ආර්ථික ශක්තියක් දෙන වැඩපිළිවෙළක්

  👤  2977 readers have read this article !
By mawbima 2018-07-17

හර්ෂනී අර්සකුලරත්න


තායිලන්තයේ අති සාර්ථකව ක්‍රියාත්මක වන "එකම රටක් එකම නිෂ්පාදනයක්" (ර්ණීඊර්ණීඊ - ර්ණීදඥ ඊචථඡධද ර්ණීදඥ ර්ථීපධඤභජබ) වැඩසටහනෙන් තාක්ෂණික උපදෙස් ලබාගනිමින් සමෘද්ධිලාභීන්ට ආර්ථිකමය ශක්තියක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.


උසස් තත්ත්වයේ දේශීය නිෂ්පාදන රට තුළ අලෙවි කිරීම සඳහා වන ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහනක් එසේ සමෘද්ධිලාභීන්ට හඳුන්වා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


ඒ අනුව ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් අනතුරුව සමෘද්ධිලාභීන් සඳහා එම වැඩසටහන හඳුන්වාදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon