එක් ගුරුවරයකු සිටින පාසල් ගණන 54යි

  👤  1893 readers have read this article !
By mawbima 2018-07-16

බද්දේගම - ඕ. කමලනාථ
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 54ක් තිබෙන්නේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.5කි.

එම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙන පරිදි, ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් සංඛ්‍යාව 97කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 1කි. ගුරුවරු 3ත් 5ත් සංඛ්‍යාවක් සිටින පාසල් සංඛ්‍යාව 723කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස 7.1කි. මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව 10,194කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon