යහපාලනයේ ඉදිරි ගමනට ජනපතිගේ ප්‍රකාශ බාධාවක්

  👤  1902 readers have read this article !
By mawbima 2018-07-16

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු


ඉදිරි මාස 18 ස¼දහා කිසිදු බෙදීමකින් තොරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් එක්ව රට සංවර්ධනය කිරීමේ නිසි මඟකට කඩිනමින් පැමිණිය යුතු බවට යෝජනාවක් අද (16දා) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ව එබඳු එකඟතාවකට නොපැමිණෙන්නේ නම් තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කොට යහපාලනය ක්‍රියාවට නැංවිය යුතු බවද මන්ත්‍රිවරයා සඳහන් කරයි.


ජනාධිපතිතුමා සිදුකරන ඇතැම් ප්‍රකාශ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් වී තිබෙන බවත් ඒ පිළිබඳව උදාහරණයක්ද සහිතව තමා විසින් අද පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට පෙන්වා දෙන බවත් චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.


මේ නිසා ග්‍රාම ශක්ති, ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් නිවැරැදිව ක්‍රියාත්මක නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කිරීම යහපාලනයට හිතකර වී නොමැති බවත් මෙහි වාසිය ලබාගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.


මේ අනුව යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නම් මෙම අර්බුද විස¼දාගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අත යම් එකඟතාවක් කඩිනමින් ඇතිවිය යුතු බවද විජේසිරි මහතා ප්‍රකාශ කරයි.


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද (16දා) සවස 4.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon