කිරිවෙහෙර හිමියන්ගේ මිලියන 3ක රෝහල් බිලෙන් මිලියනයක් දැනටමත් ගෙවලා

  👤  1781 readers have read this article !
By mawbima 2018-07-16

පසුගියදා වෙඩි තැබීමකට ලක්ව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙරේ විහාරාධිපති කොබවක ධම්මිත හිමියන්ගේ රෝහල් ගාස්තු ගෙවීමට රජය පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලයෙන් වාර්තා වේ.


එම රෝහල් ගාස්තුවෙන් රුපියල් මිලියනයක මුදලක් දැනටමත් ජනාධිපති අරමුදලින් ගෙවා තිබෙන අතර මේ වනවිට රුපියල් මිලියන තුනක් පමණ වන රෝහල් ගාස්තුවේ ඉතිරි මුදලද ඉදිරියේදී පියවා දැමීමට ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාල මාධ්‍ය අංශයෙන් වාර්තා වේ.
බුද්ධශාසන අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීම මත මෙම කටයුතු සිදුකෙරෙන බවත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon