කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමට ක්‍රියා කරන්නේ නෑ

  👤  1871 readers have read this article !
By mawbima 2018-07-16

ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ තීරණ ක්‍රියාත්මක නොකරන බවත් ඒ නිසා කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමකට ලක් නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.


නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව අවධාරණය කරනු ලබයි.
එම නිවේදනයෙහි මෙසේද සඳහන්ය.


යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යුද්ධ හමුදාව තුළ නිරන්තරයෙන්ම සිදුකළ කාර්යයක් වන අතර එය යුද්ධය පැවැති කාල සීමාවේදී මෙන්ම යුද්ධයෙන් පසුව ද මීට ඉහතදී සිදුකර ඇත. එමඟින් ප්‍රධාන වශයෙන් සිදුවනුයේ පාලනමය රාජකාරි සඳහා යොදවා සිටින භට පිරිස් ඉන් මුදා ඔවුන් වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා යෙදවීම වන අතර එමඟින් යුද්ධ හමුදාවේ කාර්යක්‍ෂමතාව දැනට වඩා දෙගුණයකින් පමණ වැඩි කර ගත හැකිය.


එම ක්‍රියාවලිය මඟින් දැනට පවත්වාගෙන යමින් පවතින කිසිදු යුද්ධ හමුදා කඳවුරක් වසා දැමීම සිදුනොවන නමුත් එම කඳවුරුවල සිටින භට පිරිස් වැඩි ප්‍රමාණයක් හදිසි ආපදා තත්ත්වයන්හිදී මෙන්ම ජාතිය ගොඩනැඟීමේ කටයුතු සඳහා කාර්යක්‍ෂමව යොදවා ගැනීමට හැකියාව ලැබගනු ඇත. තත්ත්වය එසේ වුවද බළඇණි වසා දමන බවත් ඉන් විශාල අනාරක්‍ෂිත තත්ත්වයක් උතුරු නැඟෙනහිර උද්ගත වන බවත් අසත්‍ය පුවත්පත් වාර්තා මඟින් පෙන්වා දී ඇති අතර එය බළඇණි වසා දැමීමක් නොව පවතින බළඇණි යටපත් කිරීමක් පමණක් වන අතර එම බළඇණිවල මානව හා භෞතික සම්පත් අනෙකුත් බළඇණි අතර සමානුපාතික බෙදාහැරීම පමණක් සිදුවන බව අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon