සාම්පූර් ලඳු කැලෑවක මත්කුඩු පාර්සල් 21ක්

  👤  3235 readers have read this article !
By mawbima 2018-07-16

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

සාම්පූර් පොලිස් වසමට අයත් ඉලකන්ද ප්‍රදේශයට නුදුරු ලඳු කැලෑවක තිබූ හෙරොයින් බවට සැක කරන තවත් මත්කුඩු කිලෝ ග්‍රෑම් 485ක් පෙරේදා (14දා) සොයා ගැනීමට පොලිසිය සමත් විය.

මේ මත්කුඩු තොගය පාර්සල් 21ක් වශයෙන් කැලෑවේ දමා ගොස් තිබූ අතර මෙම කුඩු තොගය හමුවීමට පෙරදින ඊට මීටර් 200ක් නුදුරින් වෙරළ තීරයේ තිබියදී ඒ හා සමාන කුඩු පාර්සල් 21ක් සොයාගත් අතර එහි බර කිලෝ පහයි ග්‍රෑම් 550ක් විය.

සාම්පුර් පොලිසියට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් පොලිස් කොස්තාපල්වරුන් වන ඉමිතියාස් (53980), රත්නායක (88272) යන නිලධාරීන් මෙම මෙහෙයුම කර තිබිණි. සොයාගත් හොරොයින්වල වටිනාකම රුපියල් මිලියන 66ක් වන බවත් ඊට පෙරදින හමුවූ කුඩු තොගය හා මෙම කුඩු තොගය එකම අයකු විසින් ගෙනැවිත් දැමූ ඒවා බවට සැක කරන පොලිසිය මීට සම්බන්ධ පුද්ගලයා සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අවස්ථා දෙකකදී සොයාගත් මෙම පාර්සල් මුතුර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත එහි සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon