රන් කැබලි සඟවා ගත් ඉන්දීය ගුවන් මගියා හරිත මාවතෙන් පිටවෙද්දී රේගු අත්අඩංගුවට

  👤  3225 readers have read this article !
By mawbima 2018-07-16

කටුනායක - ගයා තිරිමාදුර

රත්තරන් කැබලි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

විසිඅට හැවිරිදි ගුවන් මගියා ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකරුවෙකි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී, ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ඔහු ඇඳ සිටි යට ඇඳුම් තුළ සහ පැලඳ සිටි සෙරෙප්පු තුළ මෙම රත්තරන් කැබලි සඟවා තිබිණි.

මෙහි රුපියල් 18,86,625ක් වටිනා ග්‍රෑම් 290.25ක් බර රත්රන් කැබලි 09ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ.ජේ. ඔබේසේකර, රේගු අධිකාරි එස්.එච්.එම්. ඉබ්‍රාහිම්, සහකාර රේගු අධිකාරිවරුන් වන ජේ.ඒ.සී.එස්. ජයසිංහ, එම්.එම්.එම්. උවායිස්, ආර්.ආර්.ජී.බී.සී. බණ්ඩාර ඩී.ජේ.බී. ගුනේන්ද්‍ර, පී.ජී. ගුණවර්ධන සහ ඒ.පී. වික්‍රමසිංහ යන මහත්වරු මොහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon