කරන්දෙණිය හිටපු ප්‍රා.උප සභාපතිගේ සොහොයුරා 19දා තෙක් රිමාන්ඩ්

  👤  3171 readers have read this article !
By mawbima 2018-07-16

බළපිටිය-දම්සරී ලියනගේ

කරන්දෙණිය, කොටවෙල ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී බෝර 12 තුවක්කු 02ක්, පෑනක ප්‍රමාණයේ විදේශීය රටක නිෂ්පාදිත මයිකේ‍රා් වර්ගයේ පිස්තෝලයක් හා මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් හා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු උප සභාපතිවරයාගේ සහෝදරයා ජූලි 19 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කළේය.

ජීව අත්බෝම්බයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු තව දුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. බෝර 12 තුවක්කු 02, මයිකේ‍රා් පිස්තෝලය හා මිලිමීටර් -09 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත පිස්තෝලයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලැබී තිබෙන බවද කරන්දෙණිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කැටවෙල, කරන්දෙණිය ලිපිනයේ පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නමැති අයයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරකට අනුව සැකකරුගේ නිවෙසේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී අවි ආයුධ සොයා ගැනීමට හැකිවී තිබේ. පසුව සැකකරු හා අවි ආයුධ ඉදිරි නීතිමය කටයුතු සඳහා කරන්දෙණිය පොලිසියට භාරදී ඇත.

පසුගිය කාලයේ දකුණේ සිදුවූ අපරාධ හා මිනීමැරුම්වලට සැකකරුගේ හා ඔහු සන්තකයේ තිබූ අවි ආයුධවල සම්බන්ධයක් තිබේද යන්න වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පවත්වන බව කරන්දෙණිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකරුගේ සහෝදරයා වන කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතාද පසුගිය ජුනි 08 වැනි දින රාත්‍රි 10.15ට පමණ උෟරගස්මංහන්දිය, කොරකීන හන්දියේදී වෙඩි ඵතබා ඝාතනය කර තිබිණි.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන රණධීර (6021) සහ අබේවික්‍රම (7892) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon