විජයකලා කළ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසයට දෙන ලෙස නියෝග

  👤  3209 readers have read this article !
By mawbima 2018-07-16

කාවින්ද්‍යා පෙරේරා

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පිහිටුවිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු භාර හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් සිදුකරන ලද ප්‍රකාශය සිංහල භාෂාවෙන් පරිවර්තනය කර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් මෝසමක් ගොනු කරමින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබීය.
එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘ

ශ්‍ය හඬ පට මාධ්‍ය ආයතනවලින් ලබාගෙන ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

පසුගිය ජූලි 02දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති රාජ්‍ය උත්සවයකදී ළමා කටයුතු භාර හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයකින් සිදු කළ ප්‍රකාශයට අදාළව විද්‍යුත් හා මුද්‍රිත ආයතන සතුව ඇති දර්ශන, හඬපට, ලිපි හා වාර්තා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසට මාධ්‍ය ආයතනවලට නියෝග කර තිබිණි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්න හිමියන් සහ එම සංවිධානයේ සභාපති ලියනගේ අබේසේකර සුරේෂ් ප්‍රසාද් විසින් සිදු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.

ළමා කටයුතු භාර හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කළ ප්‍රකාශය මඟින් වැළැක්වීමේ පනත 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය සංශෝධන මඟින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 115,120 වගන්ති යටතේ ගැනෙන වැරැදි සිදුකර ඇති බවට වාර්තා කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon