මෙරටට ගෙන්වීමට යෝජනා කර ඇති ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වය ගැන ඉන්ජිනේරු සංගමය අවධානයෙන්

  👤  3112 readers have read this article !
By mawbima 2018-07-16

හර්ෂනී අර්සකුලරත්න

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු (ඹ්ව්ට්) බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු සංගමය අවධානයෙන් පසුවන බවත් ඒවා රටටත් විදුලිබල පද්ධතියටත් ගැළපෙන පරිදි අවම මිලක් යටතේ ගෙන්විය යුතු බවත් ලංවිම ඉන්ජිනේරු සංගමය පවසයි.

ජපානය, ඉන්දියාව, චීනය යන රටවල් ත්‍රිත්වය ස්වාභාවික ද්‍රවවායු බලාගාර යෝජනා මෙරටට ඉදිරිපත් කර ඇති බවත් ඉන් ජපානය හා ඉන්දියාව ඉදිරිපත් කර ඇත්තේ මෙගාවොට් 500ක බලාගාර යෝජනාවක් වන අතර චීනය මෙගාවොට් 400ක ධාරිතාවක් සහිත බලාගාර යෝජනාවක් බවත් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු "මව්බිම"ට පැවැසීය.

එවැනි විශාල ධාරිතාවක් සහිත බලාගාර මෙරටට නොගැළපෙන බවත් ඒ හරහා පද්ධතියේ තාක්ෂණික ගැටලු මතුවී පද්ධතියේ බිඳ වැටීමට හේතුවිය හැකි බවත් ඔහු පැවැසුවේය.
මෙම යෝජනා ආණ්ඩුවෙන් ආණ්ඩුවට (ට්ධමඥපදථඥදබ බධ ට්ධමඥපදථඥදබ) යෝජනා වන "ට් බධ ට්" යෝජනා වුවත් අවම මිල තීරණය කොට බලාගාර ගිවිසුම්වලට එළැඹිය යුතු බව සිය සංගමයේ මතය බවද ඔහු කීවේය.

එසේම ඉදිරි ජනන සැලැස්ම සඳහා මෙකී යෝජනා ඇතුළත් කළ යුතු බවද හෙතෙම පැවැසීය.

ඒ අනුව මෙරට පද්ධතියට තාක්ෂණික වශයෙන් ගැළපෙන, උචිත ධාරිතාවන්ගෙන් යුතු, අවම මිලක් යටතේ, ඉදිරියේදී ගෙන්වීමට නියමිත ස්වාභාවික ද්‍රවවායු බලාගාර ලංකාවට හඳුන්වා දිය යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon