ඉවත් වූ 16 දෙනාගෙන් කිහිපදෙනෙක් යළි ආණ්ඩුවට එක්වීමට බලා සිටිනවා

  👤  3277 readers have read this article !
By mawbima 2018-07-16

මහනුවර - නදීක දයා බණ්ඩාර

ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ඇමැතිවරුන් දහසය දෙනාගෙන් කිහිපදෙනකු යළි ආණ්ඩුවට එක්වීම සඳහා බලා සිටින බව අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කල්ලිය සඳහා විශාල පිළිගැනීමක් ලැබෙතැයි ඔවුන් කළ අපේක්ෂාව ඉටුනොවීම නිසා දෙතුන් දෙනකුම මේ වනවිට ආණ්ඩුවට එක්වීම සඳහා අදහස් කරන බව මහනුවරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වනවිට පදනමක් සහිතව සංවිධානය වී සිටින නිසා ඉවත්වූ ඇමැතිවරුන්ට එම පක්ෂයෙන් සැලකිය යුතු ස්ථානයක් නොලැබීම මත හිටපු ඇමැතිවරු පිරිස සිත්තැවුලට පත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බවත් එය නව ක්‍රමයට අනුව සිදුවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය යැයි කී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි. එක් එක් පක්ෂ විවිධ මත ප්‍රකාශ කරන්නේ එම පක්ෂවල ප්‍රතිපත්ති අනුවයි. පක්ෂයේ අවශ්‍යතා හා පසුබිම අනුව ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාව ප්‍රකාශ කරනවා.

සෑම දේශපාලන පක්ෂයක්ම සිය පක්ෂයට හා රටට සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරන බව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon