වසර 70ක් ගත වුවත් ජාතික ගැටලුව විස¼දා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී නෑ

  👤  3205 readers have read this article !
By mawbima 2018-07-16

ලක්ෂ්මී ජයකොඩි

වසර 70ක කාලයක් ගතව තිබුණද තවමත් ශ්‍රී ලංකාවට ජාතික ගැටලුව විස¼දා ගැනීමට නොහැකිව තිබෙන බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව පැවැසුවේ පසුගියදා ලංකාවේ නිල සංචාරයකට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

දෙමළ ජනතාවට ආත්ම ගරුත්වයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි විසඳුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් අපේක්ෂා කරන බවද හෙතෙම තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා ඇත.

එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් ආණ්ඩුව දරනු ලබන උත්සාහයට තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද මෙහිදී සඳහන් කළ සම්පන්දන් උතුරු නැඟෙනහිර පළාත්වල තායිලන්ත රජයේ ආයෝජන සිදුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

තායිලන්ත රජය ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා දිරිගැන්වීමට කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon