මෛත්‍රි පොරොන්දු කඩ කළා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  👤  4032 readers have read this article !
By mawbima 2018-07-15

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමේ ඉල්ලීම නොතකා හරිමින් එය තවදුරටත් සක්‍රිය කිරීමේ පියවරක් ලෙස, නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන ඇති තීරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයෙන් සඳහන් වෙයි.

මෙසේ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකින බව එම නිවේදනය කියා සිටී.

එම නිවේදනයෙහි මෙසේද සඳහන් වෙයි.

ජනාධිපතිවරණයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු පොදු සංවිධාන එකතුව ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් එකඟතාවෙහි ප්‍රධාන කොන්දේසියක් වූයේද පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමය. ඒ හැරෙන විට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ අතර ප්‍රධාන නිර්දේශයක් වූයේද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමයි. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම පාර්ශ්වයෙන් එම එකඟත්වයන් කඩ කළ අවස්ථාවක් ලෙසද මෙම පියවර හැඳින්වීමට සිදුවේ.

මෙම පනතෙහි අනුචිතභාවය හා පසුගාමිත්වය පිළිබඳ අප දිගින් දිගටම කරුණු දක්වා ඇති පරිදි තවදුරටත් මේ පිළිබඳව සමාජය දැනුවත් කරමින් හා මාධ්‍ය සමාජයෙහි මීට එරෙහි හඬ තවදුරටත් ශක්තිමත් කරමින් මෙම පනත අහෝසි කිරීම දක්වා වන අරගලය ඉදිරියට ගෙන යෑම සඳහා වන අපගේ අධිෂ්ඨානය මෙමඟින් යළි සපථ කරමු යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙහි ලේකම් දිලීෂා අබේසුන්දර හා කැඳවුම්කරු සී. ‍ෙදාඩාවත්තගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනයෙහි දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon