අත්හිට වූ ථෙරවාදි පනතයි-දේවාලගම් පනතයි යළි ගේන සැලසුමක් සංඝරත්නය අවදියෙන්

  👤  4102 readers have read this article !
By mawbima 2018-07-15

ජේ.ටී. ද සිල්වා

ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු තීන්දු දෙකක් මඟින් සංශෝධන ඇති කළ යුතු බවට ප්‍රකාශ කර ඇති දෝෂ සහිත පනත් කෙටුම්පත් දෙකක් වන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත හා ථෙරවාදී භික්‍ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත වසර දෙකහමාරකට පසු නැවතත් ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැරසෙන බවට මහ සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම පනත් දෙක මහ සංඝරත්නයෙන් හා බෞද්ධ සංවිධාන වෙතින් එල්ල වූ විරෝධය නිසා 2016 වසරේ දෙවැනි වර කියවා විවාද කිරීම අත්හිටවනු ලැබීය.

විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පතට ඇතුළත් වගන්ති විස්සකට ආසන්න සංඛ්‍යාවක් සරල බහුතර ඡන්දයෙන් සම්මත කිරීම සඳහා සංශෝධන ඇතුළත් කළ යුතු බව කථානායකවරයා 2016 පෙබරවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශේ‍ර්ෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙහි සඳහන් විය.

ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි වගන්ති 12ක් පමණ සංශෝධනය කළ යුතුව ඇතැයිද ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුව ඇතැයිද එම පනත සම්බන්ධයෙන් කථානායකවරයා 2016 පෙබරවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශේ්‍රෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙහි සඳහන් විය. මෙම පනත් දෙක ශේ‍ර්ෂ්ඨාධිකරණ නඩු තීන්දුවලට අනුව අවශ්‍ය සංශෝධන ඇති කර මහ නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹී නැවත ගැසට් කිරීමකින් තොරව මුලින් ඉදිරිපත් කළ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම ශේ‍ර්ෂ්ඨාධිකරණ නඩු තීන්දු නොසලකා හැරීමක් බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු පෙන්වා දෙති. මෙම පනත් 17 වැනිදා අඟහරුවාදා අදාළ (ආංශික) අධීක්‍ෂණ කමිටුව වෙත ඉදිරිපත් කර අනුමත කර ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon