පාක්ෂිකයන් දැනුවත් කරන්න රනිල් යයි

  👤  4079 readers have read this article !
By mawbima 2018-07-15

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන මස මුල් සතියේ සිට පාක්‍ෂිකයන් දැනුවත් කිරීමේ සංවාද මාලාවකට සහභාගි වීමට නියමිතය.

ගත වූ වසර 3ක කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙරට සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් හා ව්‍යාපෘති, එමඟින් ජනතාවට අත්වන ප්‍රතිලාභ, 2020 වන විට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳව එ.ජා.ප. ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පාක්‍ෂිකයන් දැනුවත් කිරීම මෙමඟින් අරමුණු කෙරේ. දිස්ත්‍රික්කයට සංවාද එකක් හෝ දෙකක් බැගින් සංවිධානය කෙරෙන අතර පාක්‍ෂිකයන්ගේ ප්‍රශ්න හා ගැටලු ඉදිරිපත් කිරීමටද එහිදී අවස්ථාව සැලසේ. මෙම සංවාද මාලාවේ පළමුවැන්න ලබන මස මුලදී කෑගල්ලේදී පැවැත්වෙන අතර එ.ජා.ප. ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon