විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ගැනීමේ මෙහෙයුමක්

  👤  4030 readers have read this article !
By mawbima 2018-07-15

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 68 දෙනකු විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස මෙම 68 දෙනා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර මෙම කණ්ඩායම ඉදිරියට විපක්ෂයේ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් අස්සන් ලේඛනයක් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාට 17 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා 'ඉරිදා මව්බිම'ට ප්‍රකාශ කළේය.

මේ සමඟම පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමේ මෙහෙයුමද 10 වැනිදා ආරම්භ කරන බවද රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.
නීත්‍යනුකූලව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි නිසා එය නීත්‍යනුකූලව ලබාගැනීමට ක්‍රියා කරන බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක ධුරය ලබාගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සඳහා කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, ජයන්ත සමරවීර යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බවද ඔහු කීය.

මීට පෙර 2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 39 දෙනාද ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ අජිත් කුමාර මහතාද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්වාධීනව කටයුතු කර තිබෙන බවට පූර්වාදර්ශ ඕනෑ තරම් තිබෙන බවද රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 16 දෙනකු සිටින දෙමළ ජාතික සන්ධානය වඩා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 68 දෙනකු සිටින ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා තිබෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon