බේකරි නිෂ්පාදන රු. 5කින් ඉහළට

  👤  3972 readers have read this article !
By mawbima 2018-07-15

නුවන් හෙට්ටිආරච්චි

පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල හෙට (16දා) සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා 'මව්බිම'ට පැවැසීය.

වත්මන් රජය මඟින් ඉන්ධන මිල ඉහළ දැමීම හා ආනයනික අමුද්‍රව්‍ය සඳහා අධික බදු අය කිරීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීම සිදුකරන බව ඔහු කීය.

රජයේ ආර්ථික කළමනාකරණයක් නොමැති කමෙන් ඩොලරයේ අගය ඉහළ යමින් පවතින බවත්, මේ තත්ත්වය හමුවේ ගත හැකි වෙනත් විකල්පයක් නොමැති හෙයින් බේකරි හිමියන් තම නිෂ්පාදනවල මිල වැඩි කිරීමට තීරණය කළ බවත් එම සංගමයේ සභාපති පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon