ආන්ඬවනේ... උම්මා එකක් දෙන්න

  👤  4574 readers have read this article !
By mawbima 2018-07-15

මේ... මොන කරදරයක්ද බොලව්. උදේ කඩේට ගියාම බඩ පපුව දාලා යනවා බඩුවල ගණන් ඇහැව්වාම. පිටි 100කින් වැඩිවෙලා. පරිප්පු 75කින් වැඩිවෙලා. ගෑස් තුන්සීයකින් වැඩිවෙලා. ලාම්පු තෙල් 50කින් වැඩිවෙලා. ඒ මදිවට බස් එකට නැග්ගා ගෙදර එන්න. ඒකත් දහයකින් වැඩිවෙලා. මුන්ට හෙණ ගහලත් මදි. අනේ අපිත් ඉතින් පෝලිමේ ගිහිල්ලා ඡන්දේ දුන්නානේ. නොදෝමකින්.

පොං ගේ ගෙදරට උදේ පාන්දරම ගොඩවෙච්චි පිං මලයට, පොං ගේ හාමිනේ ගෝරනාඩු කරනවා ඇහුණා.
"බලහන් පිං මල්ලියේ අද උදේ වෙනකොට බඩු මෙච්චර ගණන් ගිහිල්ලත් මේ යෝදයාට ගාණක්වත් නැති හැටි"
"ඇත්තටම පොං අයියේ මොකෝ මේ අක්කට මල පැනලා"
"මම ඔය ගෑනිට කිව්වා බං කලබල වෙන්න එපා කියලා"
"ඒ කොහොමද?"
"ඔය ඔක්කෝම රෑ වෙනකොට තිබ්බ ගාණටම අඩු වෙනවා"
"අෑ... ඒ මොන විශ්වකර්මයක්ද?"
"තාම උදේ 7 වෙලාවත් නැහැ නොවැ. හිටහන් පොඩ්ඩක් දවල් වෙනකල්"
"ඒ මොකෝ"
"ලොක්කා පත්තර බලනකල් බං"
ඒ කියමනට පොංගේ නෝනා ලොකු හුස්මක් අරගෙන පල්ලෙහාට දැම්මා. පොං සහ පිං ඔන්න ඉතින් ගොසිප් ඩයට් එකක් හොයාගෙන පාරට බැස්සා.
"පොං අයියෙ අර බලහන්කෝ අපේ තුං මුල්ලෙයි, ගොං මං පිලයි මුහුද දිහා බලාගෙන මාර සෑඩ් මූඩ් එකේ. දාමු ටිකක් රබර් ඇහැ"
තුංමුල්ලේ අයියේ මොකෑ නිකන් නයා මැරිච්ච අගටන්නා වගේ අස්පැට් මූඩ් එකේ"
"අපි මේ ලන්ඩන් ගිය විජේගේ කලා එනකල් ඉන්නවා"
"අම්මට හුඩු... නෙළන්ඩද"
"ආඬවනේ... නැහැ බං. උම්මා එකක් දෙන්ඩ"
"ඒ මොකෝ"
"සතියක් යනකල් කාලේ ගෙවාගන්ඩ අපිට හොඳ බයිට් එකක් හදලා දුන්නාට. බලහන් අපි කොච්චර අමාරුවෙන්ද මේ දවස් ගෙවාගන්නේ"
"එතකොට තුම්මුල්ල අයියේ අර පැත්තේ මුහුද බලාගෙන ඉන්නේ කවුද?"
"අහලා බලහන්කෝ. ඒ ඉන්නේ මුජිබරයයි, බණ්ඩාරයයි, අගිල කොලුයි නොවැ"
"හැබෑමයි... අගිල අයියේ මොකද ඔහෙලා අශ්වයා මැරිච්ච කව්බෝයිලා වගේ අස්පැට් මූඩ් ගහලා"
"අපි මේ නිව්යෝකයේ ඉඳලා ආයිමත් රිපෝටරියක් එනකල් බලන් ඉන්නවා"
"අප්පා... ඒ මොකෝ"
"ඇයි බං... පාං කියාගන්ට බැරිව හතරගාතෙන් වැටිලා ඉන්න අපේ පාණ්ඩුවාට, ඒකාබඩ්ඩෙට නෙළන්ඩ ඔක්සිජන් දුන්නේ ඔය උත්තමාවියනේ"
"ඉතින් කේස් එක යට ගැහුණාද?"
"මොනා අහනවද. කලා අක්කයි, තෙල් කේස් එකයි ඇවිදින් නිව්යෝක් හේදිලා යන්ටම කෙළවුණා"
"එතකොට අගිල සෑර් අර මොකද පොලු වගයක් අරගෙන ගොවියෝ පිරිලා"
"ආ... ඒ කුරුඳු පොලු කළුතරට නැව් නඟින්න යන ගමන්"
"අෑ... ඒ මොනවටද?"
"මුළු රටේම ඉන්න කුරුඳු ගොවියෝ කළුතරට යනවා"
"ඇයි... ඒ"
"රජ කාලේ ඉඳලා කුරුඳු වැව්වේ එහේ නොවැ"
"කවුද සෑර් කිව්වේ"
"අපේ පාටියේ කිං පැරකුම් තුමා"
එහෙම කියපු අගිල මලයා බඩ අල්ලන් හිනාවෙන්ට පටන් ගත්තා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon