තායි අගමැති ලංකාවට එයි

  👤  3522 readers have read this article !
By mawbima 2018-07-13

රුචිර දිලාන් මධුශංඛ,
කටුනායක _ ගයා තිරිමාදුර

තායිලන්ත අගමැති ප්‍රයත් චාන් ඕචා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12දා) පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඊයේ පස්වරු 2.45ට පමණ තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අගමැතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට
ළඟා වූහ.

සංචාරය සඳහා තායිලන්ත අගමැති ආර්යාව ඇතුළු 40 දෙනකුගේ සමන්විත දූත පිරිසක්ද පැමිණියහ.

ප්‍රයත් චාන් ඕචා පිළිගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, රවීන්ද්‍ර සමරවීර, ෆයිසර් මුස්තාපා සහ සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

තායිලන්ත අගමැතිවරයා පිළිගැනීම සඳහා චාම් උත්සවයක් ගුවන්තොටුපොළේදී සූදානම් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon