තුන් නිවුන් දරුවන් පෝෂණය කිරීමට උපකාරයක් කරන්න

  👤  3568 readers have read this article !
By mawbima 2018-07-13

හසලක - සුනිල් ඉහළගෙදර

අවුරුද්දක් පමණ වයසැති නිවුන් දරුවන් තිදෙනාගේ පෝෂණ කටයුතු කර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති නිසා එම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා සහාය වන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් තමන් කාරුණික ඉල්ලීමක් කරන බව එම දරුවන්ගේ පියා වන වැරැල්ලගම තිත්තපජ්ජල පදිංචි ජී.ජී.එස්.ඒ. කුමාර මහතා සඳහන් කරයි.
කුමාර මහතා තම අපහසුතාව මෙසේ සඳහන් කරයි.

"මම සිවුදරු පියෙක්. මගේ වයස අවුරුදු 38යි. මාගේ බිරියගේ වයස අවුරුදු 32යි. මේ දුක රටට කියන්නේ ආර්ථික අපහසුතාවට පත්ව සිටින අපට පරිත්‍යාගශීිලීන්ගෙන් උදව්වක් උපකාරයක් ලබාගැනීම සඳහායි.

2016-12-14 වැනි දින තුන් නිවුන් දරුවන් අපට ලැබුණා. මේ දරුවන් තිදෙනාම දියණියන්. අපගේ පළමු දරුවාද ගැහැනු දරුවෙක්. ඇය පාසල් අධ්‍යාපනය ලබනවා. මම පශු සම්පත් දෙපාර්තමේන්තුවේ පොල්ගොල්ල සත්ත්ව විෂාණු රසායනාගාරයේ ක්ෂේත්‍ර සහායකයකු ලෙස රැකියාව කරනවා. මාගේ බිරිය රැකියාවක් නොකරන නිසා මාගේ වැටුප හැර වෙනත් ආදායම් මාර්ග අපට ලැබෙන්නේ නැහැ.

මා මේ දරුවන් ලැබීමට ප්‍රථමයෙන් වාණිජ බැංකුවකින් රුපියල් ලක්ෂ 9ක නිවාස ණය මුදලක් ලබා ගත්තා. මාගේ වැටුප රුපියල් තිස් දහසක් පමණ වෙනවා. එම වැටුපෙන් බැංකු ණය පියවූ පසු ඉතිරි වන්නේ රුපියල් හත් දහසක පමණ මුදලකුයි. නිවුන් දරුවන්ට අවශ්‍ය කිරි පිටි, බේත් හේත්, ඇඳුම් පැලඳුම් සහ වෙනත් අවශ්‍යතා සඳහා වගේම මාගේ පළමු දියණියගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා මාසයකට විශාල මුදලක් අපට වැය කරන්න සිදුවෙනවා.

මහලු මවුපියන්ද රැකබලා ගන්නේ මමයි. දරුවන් පෝෂණය කිරීමටත් ඔවුන් ඇතුළු අප පවුලේ වියපැහැදම් පියවා ගන්නටත් මා හට දැනට ලැබෙන මුදල කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ තත්ත්වය මත මා මෙන්ම අප පවුලේ සියලු දෙනාම දැඩි ආර්ථික අපහසුතාවකටත් මෙන්ම මානසික පීඩාවකට පත්ව සිටිනවා.

අප පිළිබඳව අනුකම්පා කරන කෙනකු හෝ ආයතනයක් ඇතොත් අපට පිහිට වන ලෙස මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මහනුවර අධිකරණ සංකීර්ණයේ ලංකා බැංකුවේ මා නමින් ඇති අංක 77644537 දරන ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටිනවා"

071 6364320 යන දුරකථන අංකය ඔස්සේ ඇමැතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon