අර්ජුන් ඇලෝසියස්ට අයත් දුරකථන සිම්පතට අදාළ දත්ත ලබා දෙන්නැයි දුරකථන සමාගමේ විධායකට නියෝග

  👤  3499 readers have read this article !
By mawbima 2018-07-13

අමිල අබේරත්න

සිංගප්පූරුවේදී පිහිනුම් තටාකයකට වැටී පරිහරණයට ගැනීමට නොහැකි වූවා යැයි මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් යන අයගේ දුරකථනයේ සිම්පතට අදාළ දත්ත සහ අර්ජුන් ඇලෝසියස් යන අය එම්.එස්. ශ්‍රී ලංකා ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ගේ නමට ඇති සියලුම සිම්පත් සහ ඊට අදාළ අයි.එම්.එස්. සහ ඉමි අංක ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට පෙරේදා (11දා) නියෝගයක් නිකුත් කළාය.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග නිකුත් කළාය.

ඊට අමතරව එම්.එස්. ශ්‍රී ලංකා ට්‍රේඩින් සමාගමේ සියලුම නිෂ්පාදන සේවාවන්, ගනුදෙනුවලට සම්බන්ධ තොරතුරු සහ ඩයලොග් සමාගම විසින් එම සමාගමට සපයන ලද ජංගම ඇතුළු ස්ථාවර සබඳතා, සන්නිවේදන උපකරණ ආදී සියලු නිෂ්පාදන සේවාවන් පිළිබඳව විස්තර වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා මහෙස්ත්‍රාත්වරිය ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට නියෝගයක් නිකුත් කළාය.

අර්ජුන් ඇලෝසියස්ගේ 832553085ම යන හැඳුනුම්පත් අංකයට ඕස්ට්‍රේලියානු රජය විසින් යධජ 727මනඒඒඒ යන හැඳුනුම්පත් අංකයට සහ ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංක වන ව් 5613927හෝ ර් 1638117 යන අංකවලට නිකුත් කරන සිම්පත් සහ එම්.එස්. ශ්‍රී ලංකා ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ලියාපදිංචි අංකය වන නම 12291 යටතේ නිකුත් කර ඇති සියලුම සිම්පත් අයි.එම්.එස්. අංක සහ භාවිත කරන ලද ඉමි (ධ්ර්ඡ්ධ්) අංක පිළිබඳ විස්තර නීතිපති දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ජනාධිපති මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව පැවැත්වෙන කාල සීමාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අර්ජුන් ඇලෝසියස්ගෙන් ගත් ප්‍රකාශ මඟින් අර්ජුන් ඇලෝසියස් ප්‍රකාශ කළ පරිදි පිහිනුම් තටාකයේ වැටී ඔහුගේ දුරකථනය විනාශ වුවත් ඒ සඳහා භාවිත කළ සිම්පතේ දත්ත හා සන්නිවේදන විස්තර ඔහුට පසුව භාවිත කළ දුරකථනයේ ගබඩා වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ නිරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සහ අර්ජුන් ඇලෝසියස් සිදුකරන ලද ජංගම දුරකථන සංවාදවලදී ශ්‍රී ලංකා මහ බැංකු රහසිගත අභ්‍යන්තර තොරතුරු දෙවැනි පාර්ශ්වයකට ගොස් තිබෙන බව නිරීක්ෂණය වී ඇති බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඊට අමතරව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරිය පසුගිය නඩු දිනයකදී නිකුත් කරන ලද නියෝගයකට අනුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ පරිගණක පද්ධතියේ ගෙවීම් පද්ධතියේ ක්ලෝන පිටපත් ලබාගැනීමට පරිගණක පද්ධතියට ප්‍රවේශවීම සඳහා අර්ජුන් ඇලෝසියස් යන අයගේ අනුමැතිය අවශ්‍ය බවට එහි පරිගණක පද්ධතියේ මෘදුකාංගය ස්ථාපිත කර ඇති ස්වීඩන් සමාගමක් වන අයි.එෆ්.එස්. (ධ්ජ්ඉ) නමැති ස්වීඩන් සමාගමේ බලධාරීන් පවසා ඇති බවද මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය පැවැසුවේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ, බෙදාහැරීමේ කටයුතු ඇතුළු කළමනාකාරීත්වය මේ වනවිට කළමනාකරණ ගිවිසුමක් යටතේ ජයසිරි හෝල්ඩින්ග්ස් නමැති ආයතනයට පවරා ඇති නිසා ඒ සඳහා අර්ජුන් ඇලෝසියස් යන අයගේ අස්සන අවශ්‍ය නොවන බවය.

එසේ වුවද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි කෝලිත ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ එහි අධ්‍යක්ෂවරයා වන තම සේවාදායකයා බන්ධනාගාර ගතව සිටීමේ හේතුව මත එය කළමනාකරණය කිරීමට පමණක් අදාළ ආයතනයට දී ඇති බවය.

පැමිණිලි පාර්ශ්වය සහ විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බන්ධනාගාර ගතව සිටියදී අදාළ අනුමැතිය ලබාගැනීමට පහසුකම් සලසා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දුන්නාය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ පරිගණක පද්ධතියට අදාළ මෘදුකාංග පද්ධතියට ප්‍රවේශ වීම සඳහා මෙරටට පැමිණෙන ධ්ජ්ඉ සමාගමට ගෙවිය යුතු මුදල ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම ස්වේච්ඡාවෙන් ගෙවීමට එකඟ බවද මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා ලෙස උපයා ඇති මුදල් පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකිරීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, පර්පචුවල් කැපිටල්ස් ප්‍රයිවට් ලිමිටඩ්, පර්පචුවල් ඇසෙට් මැනේජ්මන්ට් පර්පචුවල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන ආයතනවල භාවිත කර ඇති ලදුපත්, බැංකු ප්‍රකාශන, මුදල් සහ බැංකු පොත්වල මෘදු පිටපත්, සියලුම ගෙවීම් පිළිබඳ වවුචර් පත්වල පිටපත් මහ බැංකු අධිපතිවරයාට ලබාදෙන ලෙසට එම සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ට 2018 ජූලි 5 දින අධිකරණය මඟින් නිකුත් කළ නියෝගය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම හැර අනෙක් සමාගම් තුනේ ප්‍රධාන විධායක නිලධාරීන් එම ආයතනවලින් මේ වනවිට ඉවත්ව ගොස් ඇති නිසා එම සමාගම්වල අධ්‍යක්ෂවරයා වන ජෙෆ්රි ඇලෝසියස් යන අයට එම තොරතුරු ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය ඉල්ලීමක් කළාය. එයසලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඊට අදාළ තොරතුරු මසක් ඇතුළත ලබාදෙන ලෙසට ජෙෆ්රි ඇලෝසියස් යන අයට නියෝග කළාය.

ඊට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු ඉතුරු සමාගම් තුන විසින් සිදුකර ඇති චෙක්පත් ගනුදෙනු පිළිබඳ විස්තර ඇතුළු ලේඛන මහ බැංකු අධිපතිවරයාට නිකුත් කරන ලෙස ලංකා බැංකුව, සිටි බැංකුව, සම්පත් බැංකුව යන බැංකුවලට පසුගියදා අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව එහි කළමනාකරුවන් විසින් මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීමේ හේතුව මත ඔවුන්ට නැවත නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එය සලකා බැලීමෙන් අනතුරුව මසක් ඇතුළත අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය අදාළ බැංකු කළමනාකරුවන්ට නැවත නියෝගයක් නිකුත් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon