වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 121 දෙනකුට අඟුණුකොළපැලැස්සට 'ස්ථාන මාරුවක්'

  👤  456 readers have read this article !
By mawbima 2018-07-12

කුමුදු උපුල් ශාන්ත

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රැඳවියන් එකසිය විසි එක් දෙනකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බවත් ඉදිරියේදී පිරිමි රැඳවූවන් පිරිසක්ද එකී බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

වැලිකඩ බන්ධනාගාරය තුළ මේ වනවිට පවතින දැඩි තදබදය අවම කිරීමට හා එසේ යවන අයට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබාදීමේ අරමුණ ඇතිව එසේ ස්ථානමාරු කෙරෙන බවද ඒ මහතා කීය.

උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා තැබිය හැකි සංඛ්‍යාව දහසක් පමණක් බවත් එහෙත් දැනට එහි තුන් දහසක් පමණ පිරිමි රැඳවූවන් හා කාන්තා රැඳවියන් ර¼දවා ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon