කතරගම පුදබිමට පැමිණෙන විවිධ බැතිමතුන් හේතුවෙන් එකම රටක සෑම ජාතියක්ම එකට සිටිනවා යන්න ලෝකයටම හොඳ පණිවුඩයක් වෙනවා

  👤  373 readers have read this article !
By mawbima 2018-07-12

කතරගම - සන්දිම දේවප්‍රිය

රටේ සමඟියට බාධා කරන පිරිස් පවසන දේවල් පිළිබඳව විවේචනවලට පිළිතුරු ලබානොදී එම වචන ගැන තැකීමක් නොකර ජාතීන් අතර සමඟිය ඇති වන ආකාරයෙන් සුහදව කටයුතු කිරීම තුළින් සහජීවනය ගොඩනැඟීමට හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යාල වන උද්‍යානයේදී පැවැසීය.

යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ යාල වන උද්‍යානයට පැමිණ කතරගම පාද වන්දනාවෙන් උතුරු - නැඟෙනහිර සිට පැමිණි බැතිමතුන් හමුවී සංග්‍රහයක් සිදුකිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

අපි දන්නවා උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් අතර සංහිඳියාව ඇති කරලීමේ ආගමික උත්සවයක් තමයි කතරගම ඇසළ මංගල්‍යය කියන්නේ. යුද හමුදාව එම සංහඳියාව තවත් වැඩිදියුණු කිරීම පිණිස යාල වනයට පැමිණියා.

යුද හමුදාපතිවරයා ලෙස මම දකිනවා කතරගම වැනි සියලුම ජාතීන් එකට එක්ව වැඳුම් පිදුම් කරන ස්ථානයකට සැමම එක්වී සිටින නිසා මේ රටේ ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා මෙම කතරගම වන්දනා ගමන ප්‍රයෝජනයක් ගැනීම ඉතාම වැදගත් බව. මේ වනවිට සැතපුම් 120ක් වැනි දුර කතරක් ගෙවා උතුර - නැඟෙනහිර සිට විශාල පිරිසක් පාද වන්දනාවෙන් පැමිණෙනවා. මෙම පිරිස් මහා වන මැදින් පැමිණෙන විටදී ඔවුන්ගේ භාරකරුවන් වශයෙන්් කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සමඟ අපි සම්බන්ධ වී යුද හමුදාව ලෙස සිදුකළ යුතු යුතුකම් ඉටු කරනවා. අපි මින් බලාපොරොත්තු වන්නේ අපේ පන්සල්, අපේ කෝවිල් සෑම අයම එකට එක්වී වී වැඳුම් පිදුම් කරනවා වගේම එකම රටක සෑම ජාතියක්ම එකට සිටීම වැදගත් බව. මෙය ලෝකයටම හොඳ පණිවුඩයක් වෙයි. යුද හමුදාව යුද්ධයට පමණක් සීමා නොවී ආගමික සංහිඳියාව සඳහාද කැප වෙනවා කියන දේ කිවයුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා.

මේ වනවිට බැතිමතුන් 7000 ඉක්ම වූ පිරිසක් කතරගම ඇසළ මංගල්‍යය සඳහා පාද වන්දනාවෙන් පැමිණෙන බවත් එම බැතිමතුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් රැසක් මේ වනවිට කතරගම පුද බිම තුළ සකස් කර ඇති බවත්ය.

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් යාල අංක 2 කලාපයට අයත් පිලින්නාව ප්‍රදේශයේ පවත්වනු ලබන බත් දන්සල වෙතද පැමිණි මහේෂ් සේනාරත්න මහතා පාද වන්දනාකරුවන් සමඟ එක්ව ආහාර ලබාගැනීම විශේෂ සිදුවීමකි.

යුද හමුදාපතිවරයකු ඉතිහාසයේ ප්‍රථම වතාවට යාල වන උද්‍යානයට පැමිණ මේ අයුරින් පාද වන්දනාවෙන් කතරගම ඇසළ මංගල්‍යය වෙත ගමන් ගන්නා බැතිමතුන් හමුවීම විශේෂයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon