කොළඹට ඊයේ හැමූ දැඩි සුළඟින් නිවාස 153කට හානි

  👤  409 readers have read this article !
By mawbima 2018-07-12

ඉෂාරා සිල්වා, බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ, කොළඹ - එම්.සී. පෙරේරා

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඊයේ උදෑසන ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 153කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටියේ පිළියන්දල, හෝමාගම, මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පිහිටි නිවාස කිහිපයකට ඊයේ උදෑසන ඇතිවූ දැඩි සුළං හේතුවෙන් හානි සිදුව තිබෙන බවයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් ෆොඩයිස්වත්ත කොටසේ ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම සහ මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ (11දා) සිට තාවකාලිකව නතර කර තිබේ.

මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට තද සුළං සමඟ වැසි ඇතිවන බැවින් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඝන මීදුම් තත්ත්වයක් උදෑසන කාලයේ පවතින බැවින් සැලකිලිමත්ව රිය පදවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ට දැනුම් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ දිවයින හරහා ගමන් කරන ප්‍රහාරාත්මක සුළං තවදුරටත් පැවතිය හැකි බවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon