සමාජයට මූණදෙන්න බැරි නිසයි මම මෙහෙම තීරණයක් ගත්තේ

  👤  666 readers have read this article !
By mawbima 2018-07-12

වේයන්ගොඩ - ඉන්දික තුෂාර, ගම්පහ - ‍ෙදාන් විතානාරච්චි

"තාත්තා නැතිව බලාගත්තාට ගොඩක් පින්. අක්කයි මල්ලියි එක්ක සතුටින් ඉන්න. අක්කගේ වෙඩින් එක ලස්සනට ගන්න. සමාජයට මූණදෙන්න බැරි නිසයි මෙහෙම තීරණයක් ගත්තේ"

එක තරුණියක් සිය මවට එසේ ලිපියක් ලියා තිබිණි.

ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථානයන් අතර පෙරේදා (10දා) රාත්‍රි 8.45ට පමණ රූමත් තරුණියන් දෙදෙනකු දුම්රියකට ගෙල තබා සියදිවි හානි කරගෙන ඇති බව ගම්පහ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 50/35, ශාන්ත නිකුලා පාර, මුන්නක්කරේ, මීගමුව ලිපිනයෙහි පදිංචිව සිටි මල්කා ෂෙහානි නමැති 22 හැවිරිදි තරුණියක් සහ 209/ඒ, පල්ලිය පාර පොල්වත්ත මිනුවන්ගොඩ යන ලිපිනයෙහි පදිංචිව සිටි දිලිනි මදුෂානි නමැති 21 හැවිරිදි තරුණියකි.

රාත්‍රි 8.00ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වූ අංක 1045 දරන ශීඝ්‍රගාමී දුම්රියට මෙම තරුණියන් දෙදෙනා එකවිට ගෙල තබා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ. අනතුරින් පසු දෙදෙනාගේම මළ සිරුරු එම දුම්රියෙන්ම වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත ගෙනැවිත් තිබුණු අතර එහිදී ඥාතීන් පැමිණ මළ සිරුරු හඳුනාගෙන ඇත.

දෙදෙනාගේම හිස කඳෙන් වෙන්වී තිබුණු අතර ගමන් බෑගයක්, සේවා හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයක්, එකම වර්ගයේ ජංගම දුරකථන දෙකක්, යතුරක් සහ ලිපියක්ද අනතුර සිදුවූ ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

මියගිය තරුණියන් දෙදෙනාම කටුනායක ප්‍රදේශයේ එකම ඇඟලුම් කම්හලක සේවය කළ මිතුරියන් දෙදෙනකු බව අනාවරණය වී තිබේ.

මියගිය දිලිනි මදුෂානි නමැති තරුණිය තම මවට ලියා ඇති ලිපියේ මෙසේ සඳහන් විය.
"අම්මේ සමාවෙන්න හැමදේටම. මං නිසා ඔයාලට ප්‍රශ්න වෙන නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තේ. මං ජීවත්වෙලා හිටියොත් කවදාවත් ඔයාලට සැනසීමෙන් ඉන්න වෙන්නේ නැති වෙයි. ඒ නිසා මං ගත්ත තීරණේ හරියි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා හැමදේටම සමාවෙන්න. මං නිසා අඬන්න එපා. මාව අමතක කරලා දාන්න. අක්කයි මල්ලියි එක්ක සතුටින් ඉන්න. ආදරෙයි. ආයෙ ගෙදර එන්නවත් සමාජයට මූණ දෙන්නවත් බෑ. මං හින්දා අඬන්න එපා. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න. ආදරෙයි ගොඩක්. ජේසු පිහිටයි.

කවදාවත් මට වෛර කරන්න එපා. අක්කගෙ එඥඤඤඪදඨ එක ලස්සනට කරන්න. මට ඔයාලව ගොඩක් වටිනවා. ඔයාලට තව දුක් දෙන්න බැරි නිසයි මෙහෙම කළේ. ජේසු පිහිටයි අම්මේ."

දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ගම්පහ මහ රෝහලේදී පැවැත්වූ අතර මරණයට හේතුවී ඇත්තේ හිස කඳෙන් වෙන්වීම බව අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධව ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon