කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන යෝජනාව කැබ්නට් මණ්ඩලය පී්‍රති ඝෝෂා කරමින් අනුමත කළා

  👤  489 readers have read this article !
By mawbima 2018-07-12

දෙනගම ධම්මික රණවීර

මහ පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බවට ජනාධිපතිතුමා යෝජනා කළාම සියලුදෙනාම පී්‍රති ඝෝෂා කොට එය අනුමත කළා යැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඔහු එසේ කීවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.

මරණ දඬුවම ක්‍රියාවට නංවන්න කැබ්නට් මණ්ඩලය තීරණය කළාද?

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අය එල්ලා මරන්න කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළා. ජනාධිපතිතුමා යෝජනා කළාම සියලුම අය පී්‍රතිඝෝෂා නඟලා එය අනුමත කළා. ප්‍රතිපත්තියක් ලෙස මම මරණ දඬුවමට විරුද්ධයි. මරණ දඬුවම ක්‍රියාත්මක කළා කියලා අපරාධ අඩුවී නැති බව සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. මහ පරිමාණයෙන් මත්කුඩු ගෙනාපු 19 දෙනකු හඳුනාගෙන සිටිනවා. ඔවුන් තමයි එල්ලා මරන්නේ. ඒ විතරක් නෙවෙයි මත්කුඩු ජාවාරම මර්දනයට යුද හමුදාවත් යොදා ගන්නවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් විරෝධතා මරණ දඬුවමට එරෙහිව මීට පෙර එල්ල වුණා. මෙවරත් එවැනි විරෝධතා ඇති වුණොත්..?

මේක ක්‍රියාත්මක කරන්නෙ මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon