කුඩු ජාවාරම්වලට එල්ලා මැරීමට සුදුස්සන් 13ක් බන්ධනාගාරවල

  👤  3135 readers have read this article !
By mawbima 2018-07-12

කුමුදු උපුල් ශාන්ත

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම නියම වූ පිරිස අතරින් එල්ලා මැරීමට සුදුසු තත්ත්වයේ පසුවන්නේ පුද්ගලයන් දහතුන් දෙනකු පමණක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
එම පිරිසෙන් නව දෙනකු වැලිකඩ බන්ධනාගාරයේද සෙසු පිරිස මහර හා බෝගම්බර බන්ධනාගාරවලද රඳවා සිටින බවත් ඒ අතර කාන්තාවක්ද සිටින බවත් ඒ මහතා කීය.

ඉහත කී 13 දෙනාට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තවත් පිරිසකට මරණීය දණ්ඩනය හිමිව ඇති නමුත් ඔවුන් අභියාචනා ඉදිරිපත් කර තිබීම නිසා එල්ලා මරා දැමීමට නොහැකි බවද ඒ මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ උපුල්දෙණිය මහතා කියා සිටියේ, මේ වනවිට විවිධ හේතූන් මත මරණීය දණ්ඩනයට ලක්වූවන් 3000ක් පමණ බන්ධනාගාර ගත කර තිබෙන බවත් ඉන් 850ක් පමණ අභියාචනා ඉදිරිපත් කර ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon