වැඩි වන තෙල් මිලට අනුව සේවක වැටුප් වැඩි කළ යුතුයි

  👤  3185 readers have read this article !
By mawbima 2018-07-12

අනුරාධා හේරත්

ආණ්ඩුවට තෙල් මිල වැඩි කිරීමේ සූත්‍රයක් තිබේ නම් ඒ අනුවම සේවකයාගේ වැටුප් ද වැඩි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසුවේ මාස 2න් දෙකට තෙල් මිල ඉහළ යෑමත් සමඟ ජනතාවගේ ජීවන බරද කෙමෙන් ඉහළ යන බව ආණ්ඩුව තේරුම් ගත යුතු බවයි.

එමෙන්ම ආණ්ඩුවට තෙල් මිල ඉහළ දැමීමේ සූත්‍රයක් තිබේ නම් එය ජනතාව අතට පත් කළ යුතු බවද සිල්වා මහතා අවධාරණය කළේය.

ඉන්ධන මිල ඉහළ යෑම සාමාන්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට වඩා ජනතාවට බලපෑමක් සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon