බස්ගාස්තු 7%කින් ඉහළ දැමීමට සාකච්ඡා කරනවා

  👤  3097 readers have read this article !
By mawbima 2018-07-12

උපතිස්ස පෙරේරා

ඉන්ධන මිල වැඩිකිරීම හා ක්‍රමවේද 9-10ක් ලෙස පැවැති ස්ථානීය දඩ මුදල් ප්‍රමාණය ක්‍රමවේද 30කට අධික ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තකරුවන් බරපතළ අර්බුදයකට මුහුණපා සිටින බැවින් ඉදිරි දිනවලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීම සඳහා සෙසු බස් සංගම් සමඟ සාකච්ඡා කරගෙන යන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

දිනකට අවම වශයෙන් බස් රථයකට ඩීසල් ලීටර් 50ක් - 60ක් පමණ දහනය වීම නිසා අමතරව රුපියල් 500ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බැවින් සියයට 7ක ගාස්තු වැඩිකිරීමක් සඳහා බස් රථ සංගම් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි.

මින් ඉදිරියට ඉන්ධන ගාස්තු ඉහළ යන සෑම අවස්ථාවකදීම සතියක් තුළ ඊට අනුරූපව බස් ගාස්තු සංශෝධනය විය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon