රජයට එරෙහිව මහ වැස්සේ ඒකාබද්ධය සීනිගම දේවාලේ පොල් ගහයි

  👤  3154 readers have read this article !
By mawbima 2018-07-12

ඉමදුව - ටී. විතානවසම්, මාපලගම - රසික සෙනෙවිරත්න, හික්කඩුව - සංජීව මනික්කුවාවඩු, වැලිවිටිය - දිවිතුර උපුල් මහේෂ්

රජය දැනට ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් ඊයේ (11දා) හික්කඩුව සීනිගම දේවාලයේදී පැවැත්විණි.

ජීවන බර වැඩිවීම, වර්තමාන ආණ්ඩුවේ දූෂිත පාලනයට, දේශපාලන වශයෙන් කෙරෙන චරිත ඝාතනයට හා පාතාලය හිස එසවීමට විරුද්ධව දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් සිදුවිය.

එම අවස්ථාවේදී පැවැති වර්ෂා තත්ත්වයද සැලකිල්ලට නොගත් පැමිණි පිරිස පළමුව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දේවාලය ඉදිරිපිට රැඳී සිටි අතර පසුව මල් පහන් පූජා කරමින් ආගමික වතාවත්වල නියැළිණි. පසුව දේවාලය තුළට පිවිසි පිරිස දේව කන්නලව්වක් කර පොල් ගැසීම සිදුකරන ලදී. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මොහාන් සිල්වා, රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් සහ දකුණු පළාත් සභා මන්ත්‍රිවරු හා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රිවරුන් මේ සඳහා සහභාගි වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon