කාත්තාන්කුඩියේ හිමිනමක් මෞලවිතුමාට ඇප දෙයි

  👤  3086 readers have read this article !
By mawbima 2018-07-12

මඩකළපුව - ජේ. ඛාන්

ඉස්ලාමීය ආගමික විද්වතකු වන මෞලවිවරයකුව බෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේ නමක් විසින් ඇප දී මුදාගනු ලැබූ පුවතක් ඊයේ කාන්තාන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කර්බලා ග්‍රාමයේ සිදුවූ ගැටුමකදී එම ප්‍රදේශයේ මෞලවිවරයකු වන ඒ.ජේ.එම්. සහ්ලාන් යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විභාග කිරීම් සඳහා පොලිසිය භාරයේ රඳවාගෙන ඇත.

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයට අහම්බෙන් වෙන කටයුත්තකට පැමිණි කල්මුණේ සුභද්‍රාරාම මහ විහාරාධිපති රන්මුතුගල සංඝරතන හිමිපාණන් අත්අඩංගුවට පත්ව සිටි මෞලවිතුමාව දැක ඇප මත ඔහු මුදාහරින ලෙස ස්ථානාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව හිමිනමගේ ඇපවීම මත මුදාහළ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවැසීය.

මෞලවිතුමා සම්බන්ධ නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සමථ මණ්ඩලයට මාරුකරන ලෙස හිමිනම කළ ඉල්ලීම මත වෙනස් කර ඇත.

ආගමික නායකයන්ට මෙසේ අගෞරව කිරීම අනුමත කළ නොහැකි බව මෞලවිතුමාට ඇප ලබා දුන් හිමිනම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon