කෝටි 8ක හජ් වන්දනා කෝටාව ගැන ලොක්කන්ගෙන් අද ප්‍රශ්න කරයි

  👤  3066 readers have read this article !
By mawbima 2018-07-12

රුචිර දිලාන් මධුශංඛ

හජ් වන්දනාවට සෞදි රජයෙන් මෙරටට ලැබෙන කෝටාව සඳහා වන්දනාකරුවන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් අය කරමින් රුපියල් අට කෝටි හැට හතර ලක්ෂයක් වංචා කිරීමේ සිද්ධියට අදාළව කටඋත්තර ගැනීම සඳහා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් අද (12දා) ජනාධිපති විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

වන්දනාකරුවන් රැගෙන යෑමේදී නීති විරෝධී ලෙස ඔවුන්ගෙන් මුදල් එකතු කර රුපියල් අටකෝටි හැට හතර ලක්ෂයක් වංචා කිරීමට අදාළව සමස්ත ලංකා හජ් වන්දනාකරුවන්ගේ සංගමය විසින් කළ පැමිණිල්ලකට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙසේ ජනාධිපති විමර්ශන ඒකකයට කැඳවා ඇත.

හජ් වන්දනාකරුවෝ සඳහා සෞදි රජයෙන් ලැබෙන කෝටාව සිය දේශපාලන හෙංචයියන් යොදාගනිමින් විෂයභාර අමාත්‍යවරයා විශාල ජාවාරමක් සිදුකරන බවටත් එය වහාම විමර්ශනය කරන ලෙසටත් සමස්ත ලංකා හජ් වන්දනාකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon