අසීමිත ලාභයක් ලබන වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයා රැකගැනීමේ වැඩපිළිවෙළක්

  👤  3137 readers have read this article !
By mawbima 2018-07-12

පහන් විජේසේකර

භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළෙඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ කළ යුතු සංශෝධන පිළිබඳවද එහිදී අවධානය යොමුවී ඇත.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10දා) රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡාකොට අවධානය යොමු කර තිබේ.
අපනයන ප්‍රවර්ධනය සඳහා වැඩි සහන ලබාදීමටත්, දිරිගන්වන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක්වී තිබේ.

විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අය කිරීමකින් තොරව එම මුදල් සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව සැලසීමට එහිදී උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වර්ධනය කරගත හැකි බවත් පෙන්වා දී ඇත.

මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ප්‍රවාහනය කිරීමට ඉදිකෙරෙන විෂ්කම්භය 12ක් වූ නව නළ මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා එම නළ එළීමේ කටයුතුවලදී මහවත්ත ප්‍රදේශයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා ගත හැකි පියවර පිළිබඳවත් සාකච්ඡා කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ජපාන ආධාර යටතේ සැලසුම් කර තිබෙන 2030 දක්වා වූ බලශක්ති සැලැස්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත. ජයිකා ආයතනයේ විශේෂ නියෝජිත ෆුසාටෝ තනාකා මහතාද එම අවස්ථාවට සහභාගි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon